Breaking News
recent

බුබුළු ...

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න.
එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ.
ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි,
තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම බන්දුල . මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම දුමින්ද . මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ

3 පිරිමි ළමයා : මගේ නම විරවංශ . මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද?
මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා.
හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න

මිස් කලන්තේ දාල වැටුනලු ..

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.