එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ශී‍්‍ර ලංකාව තුළ වෙනම රාජ්‍යයක්
පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් තහනම්
කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වී.රුද්රකුමාරන් විසින් පවත්වාගෙන යන
කල්පිත ඊළාම් රාජ්‍යයයක් සඳහා වූ සංවිධානය හෙවත් ටී.ජී.ටී.ඊ., ලෝක දෙමළ
සංසදය, බි්රතානය දෙමළ සංසදය ඇතුළු විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන
එල්.ටී.ටී.ඊ. ය ඇතුළු සංවිධාන 16 ක් මෙලෙස තහනම් වනු ඇති. 2001 වසරේ ජගත්
ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් යෝජනාවකට අනුව මෙම සංවිධාන තහනම් කර ඇති
අතර, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ පියවර
ගැනීමටද හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.
hirunews
No comments:
Post a Comment