පිළිකානාශක ගුණ සහිත බිමිමල් කොලෙස්ටරෝල් සහ සීනි අඩු කර අක්මාවත් රැකදෙයි..
එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් කලාප සඳහා ආර්ථික සහ සමාජීය කොමිසම විසින් ප්‍රකාශයට පත්කළ “බිම්මල් වගා තාක්ෂණ පිළිබඳව පුහුණු සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ බිම්මල් ප්‍රෝටීන් පිළිබඳව පහත විස්තරය අඩංගුවේ.
මෙම
ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ හොංකොංහි චීන විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
එස්.ටී.චැන් විසිනි. අන්තර්ජාලයට මුදාහැර ඇති මෙම ග්‍රන්ථය පාඨකයාගේ
පරිශීලනයට විවෘතය.
වගා කරනු ලබන බිම්මල් විශේෂයන් අනුව ප්‍රෝටීන් ප්‍රතිශතය එහි අමු බරෙන් 1.75 සිට 5 පමණ දක්වා විචල්‍ය වෙයි. මෙම අගය 3.5 - 4, අතර ගැනීම බොහෝ බිම්මල්වලට අදාළ වෙයි. ඒ අනුව ගතහොත් ලූනු (1.4) සහ ගෝවා (1.4)වලට වඩා දෙගුණයකට වැඩියෙන්ද ඇපල් (0.3)වලට වඩා දොළොස් ගුණයකින්ද බිමමල්වල ප්‍රෝටීන් අඩංගුවේ. සත්ව මාංශ වර්ග සමග සන්සන්දනය කළවිට ඒවායේ දළ ප්‍රෝටීන් ප්‍රතිශතය ඌරු මස් (9-16), හරක් මස් (12-20), කුකුළු මස් (18-20) මාළු (18-20) සහ කිරිවල (2.9-3.3) පමණ වේ.
වියළි ශාකමය ආහාර සමග සන්සන්දනය කළ විට වියළි බිම්මල්වල19-35 අතර දළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුවන අතර සහල්වල (7.3), තිරිඟුුවල (12.7)ක් සෝයා බෝංචිවල (38.1ක් සහ බඩ ඉරිඟුවල (9.4ක් වශයෙන් දළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුවේ. මේ අනුව බලන කල බිම්මල් වියළි බරෙන් දළ ප්‍රෝටීන් ප්‍රමාණය සලකා බැලුවොත් එය සත්ව මාංශවලට වඩා අඩු අගයක් ගන්නා නමුත් වෙනත් බොහෝ ආහාරවලට වඩා ඉහළ අගයක් ගනියි. අනිත් වැදගත් කරුණ වන්නේ බිම්මල් ප්‍රෝටීන්වල මිනිසාට අත්‍යාවශ්‍ය ඇමැයිනො අම්ල බොහෝමයක් අඩංගු වී තිබිමයි.
බිම්මල්වල අඩංගු අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සංයුතිය පදනම් කරගනිමින් එහි පෝෂණ අගය නිර්ණය කිරීමට විද්‍යාඥයන් උත්සහ දරා ඇත. මේ සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල දර්ශකයයි. එය වැඩුණ මිනිසෙකුට දිනකට අවශ්‍ය ඇමයිනෝ අම්ලවල සංයුතිය පදනම් කරගෙන යොදාගැනෙයි. මෙසේ බිම්මල්වල තිබෙන අල්ප එහෙත් ගුණාත්මකභාවයෙන් වැඩි ප්‍රෝටීන් ශාකමය ආහාරවල තිබෙන ගුණාත්මක භාවයෙන් අඩු ප්‍රෝටීන සමග සංසන්දනය කළ විද්‍යාඥයන් වූ ක්‍රිසම් සහ සැන්ඩි (1978) දී ප්‍රකාශයට පත්කළ පර්යේෂණ පත්‍රිකාවක මෙසේ දක්වා තිබේ.
“අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල දර්ශකයට අනුව බොහෝ බිම්මල් වර්ගවල ප්‍රෝටීන්වල ගුණාත්මක භාවය සත්ව මාංශ සහ කිරිවලට ආසන්න අගයක් ගන්නා අතර, රනිල බෝග සහ එළවළුවලට වඩා ඉහළ ගුණාත්මක භාවයකින් යුතුවේ. ඉතාම අඩු පෝෂණ ගුණයෙන් යුතු බිම්මල් වර්ග පවා ප්‍රෝටීන්වල ගුණාත්මක භාවය සැලකූ විට සාමාන්‍ය එළවළුවලට වඩා ඉහළ ගුණාත්මක භාවයකින් යුතුවේ.”
කෘෂිකාර්මික පර්යේෂණ
පිළිබඳව ඉන්දියානු කවුන්සිලය යටතේ ක්‍රියාත්මක වන සෝලාන්හි ජාතික බිම්මල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් 2011 වර්ෂයේ ප්‍රකාශයට
පත්කළ “බිම්මල් වගාව
වෙළෙඳාම සහ පාරිභෝජනය” නමැති ග්‍රන්ථයේ ඒ ඒ බිම්මල්වල ඖෂධීය අගයන් පිළිබඳව පහත සඳහන් ලෙස වගුවක් ආකාරයෙන් දක්වා ඇත.
(මෙම ග්‍රන්ථයද අන්තර්ජාලයට මුදාහැර ඇති අතර සොලාන්හි ජාතික බිම්මල් පර්යේෂණ ආයතනයේ වබේ අඩවියෙන් ලබාගත හැකිය.)
ඒ ඒ බිම්මල්වල විවිධ ඖෂධ ගුණාංග තිබෙන බව මේ අනුව පැහැදිලි වේ. අපට වඩාත් වැදගත්වන්නේ වෙළෙඳපොළේ සුලබව තිබෙන බිම්මල් වර්ගය වන මුතු බෙලි බිම්මල්වල ඖෂධීය අගය පිළිබඳවයි. එය රුධිරයේ කොලෙස්ටරෝල් අඩුකිරීමට දායක වන බව ඉහත වගුව පෙන්වා දෙයි. අප රටේ ආසාදන නොවන රෝග අතුරින් ප්‍රථම ස්ථානය ගන්නේ හෘද රෝග බැවින් මෙම තොරතුරු බිම්මල් වවන්නන්ට මෙන්ම හෘද රෝගීන්ටද හෘද රෝග ඇතිවීමේ අවදානමේ සිටින්නන්ටද එකසේ වැදගත් වනු ඇත.
කෘමි හානි වළක්වා ගැනීමට ඇතැම් බිම්මල් වගාකරුවන් ගඳ සුවඳ රහිත කෘමිනාශක භාවිතා කරන බව කියැවේ. මෙම චෝදනාව ඕනෑම එළවළුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි චෝදනාවක් වන අතර ලීක්ස්, ගෝවා, කැරට්, බෝංචි ආදී එළවළු සඳහා කෘමිනාශක භාවිතා කිරීම ඉතා සුලභ තත්ත්වයකි. කලාතුරකින් බිම්මල් වගාකරුවෙක් කෘමිනාශක භාවිතා කළා වුවද බිම්මල්වලට එයටම ආවේණික සුවඳක් නොමැතිවීම හේතුවෙන් එවැනි කෘමිනාශක භාවිතා කළහොත් පාරිභෝගිකයාට එය දැනගැනීමට තිබෙන අවස්ථාව වැඩිය. තවද ඉන්දියාවේ පිදුරු මත මුතුබෙලි බිම්මල් වගාකිරීමේදී ඇතැම් විට එවැනි රසායනික භාවිතා වුවද ලංකාවේ එවැනි වගාක්‍රම මේ දක්වා වාර්තා වී නැත. එබැවින් තාපය යොදා මාධ්‍යය ජීවානුහරණය කර දැල් ගැසීම වැනි ස්වාභාවික ක්‍රමවලින් කෘමීන් පාලනය කරන බහුතරයක් බිම්මල් වගාකරුවන්හට උක්ත චෝදනාවෙන් සිදුවන්නේ අසාධාරණයකි.
බිම්මල් වගාවේදී මාධ්‍ය මිශ්‍රණය සැකසීමට ඉහළ වටිනාකමක් ඇති සහල් නිවුඩු භාවිතා කරයි. මෙම භාවිතය නිසා ඉහළ ගුණාත්මයක් ඇති සත්ව ආහාරයක් ලෙස සහල් නිවුඩු භාවිතා කිරීමට එයින් බාධා පැමිණීම පිළිබඳව සමහරුන් කනගාටු වෙයි. මෙහිදී මිනිසාට හාල් නිවුඩු අවුන්සයකින් වැඩි
පෝෂණයක් (ප්‍රෝටීන්) ලැබෙන්නේ, එය බිම්මල් හරහා සෘජුවම පරිභෝජනය කිරීමෙන්ද නැතහොත් එම නිවුඩු අවුන්සය මගින් සතෙකු තුළ ඇතිවන ප්‍රෝටීන් ප්‍රමාණය පරිභෝජනය කිරීමෙන්ද යන ප්‍රශ්නයට පිළිතුරු අප සොයා බැලිය යුතුයි. එසේම සත්ව මාංශ කිසිසේත් අනුභව නොකරන ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සැපිරීම සඳහාද බිමමල්වලින් වැදගත් කාර්යයක් ඉටුකරන බැවින් වගාකිරීම සඳහා හාල් නිවුඩු යොදාගැනීම එය සත්ව ආහාරයක් ලෙස භාවිතා කිරීමට වඩා සුදුසු බව සඳහන් කළ යුතුය.
බිම්මල් වගාවේදී පමණක් නොව එය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේදීත් පොලිතීන් භාවිතා කෙරේ. එයින් සුළු වශයෙන් හෝ පරිසරයට හානියක් වන බව පිළිගත යුතුය.
බිමමල් විකිණීමේදී ෙජෙව වියෝජි ප්ලාස්ටික් භාවිතා කිරීමේ හැකියාව ඇති නමුත් බිම්මල් වගාවට එය යොදාගත හැකි දැයි පර්යේෂණවලින් තොරව පැවසිය නොහැකිය. ඉහළ වටිනාකමකින් යුතු (ෂිටාකි, ඉරන්ජි වැනි) බිම්මල් වගාකිරීමේදී ඇතැම් රටවල් නැවත නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් බඳුන් භාවිතා කරන නමුත් එම ක්‍රමය අප රටට ගැළපෙයිද යන්න
ක්‍ෂේත්‍ර අධ්‍යනයකින් තොරව පැවසීම අපහසුය.

lakbima
No comments:
Post a Comment