ඩයට් සෝඩාවලින් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්
ඇමරිකානුවන් අතර ජනප‍්‍රියවී ඇති ඩයට් සෝඩා පානය කිරීම මගින් හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් හටගන්නා බව නව අධ්‍යනයකින් හෙළිවී තිබේ.
ඇමරිකානු හෘද රෝග අධ්‍යයන ආයතනය විසින් සිදුකළ සමීක්ෂණය සඳහා දස වසරක් තිස්සේ හෘද රෝග සඳහා ප‍්‍රතිකාර ගත් මැදිවියේ කාන්තාවන් 60000කගෙන් පමණ ලබාගත් දත්ත භාවිතා කළ බව අයෝවා විශ්වවිද්‍යාල රෝහලේ හෘදරෝග විශේෂඥ වෛද්‍ය අන්කූර් ව්‍යාස් පවසා තිබේ.
එහි ප‍්‍රතිඵල මගින් හෙළවී ඇත්තේ දිනකට ඩයට් සෝඩා 2ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පානය කරන පුද්ගලයන් හට හෘදයාබාධයක් හෝ ඊට සමාන අනතුරුදායක සිදුවීමකට මුහුණදීමට 30%ක් අවස්ථාවක් ඇති බවයි. ඉන් 50%ක් පමණ මියයාමට ඉඩ ඇතැයි විද්‍යාඥයින් පවසා තිබේ.
හෘදයාබාධ හා ඩයට් බීමවර්ග අතර ඇති සබඳතාවය ගොඩනැගීමට සමීක්ෂණ වාර්තාව මගින් උත්සහ දරුවද එය සිතූ තරම් පැහැදිලි නොවන බවද වෛද්‍ය ව්‍යාස් විසින් පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු දක්වා ඇත්තේ ඇතැම්විට හෘදයාබාධ පසුපස වෙනත් හේතූන්ද පැවතීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත් බහුල ලෙස ඩයට් සෝඩා බීමට ගන්නා පුද්ගලයන් හට අධි රුධිර පීඩනය, ස්ථුලතාව සහ වෙනත් මරණීය රෝගාබාධ හටගැනීමේ වැඩි අවදානමක් පවතින බව සාමාන්‍යයෙන් සැලකේ.
මේ අතර කෝලා පානයන් දුඹුරු පැහැති කිරීමට භාවිතා කරන 4-මෙතිල්ඉමිඩසෝල් නම් රසායනිකය පිළිකාකාරකයක් බව පසුගියදා තවත් පර්යේෂණයක් මගින් අනාවරණය කරනු ලැබිණි.
cnews

No comments:
Post a Comment