Breaking News
recent

චර්නොබිල් බලාගාර අනතුර සිදුවී වසර 28ක්....

ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකෙන චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර පිපිරීම සිදුවී අපේ‍්‍රල් 26වනදාට වසර 28ක් සැපිරිණි.
සෝවියට් යුක්රේනයේ ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික බලාගාරය වූ චර්නොබිල් සෝවියට් දේශයේ සාමකාමී න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකන ලදී.
බලාගාරයට කිලෝමීටර් 3ක් පමණ ඔබ්බෙන් පි‍්‍රප්යැට් නම් නගරයක් ගොඩනගනු ලැබූ අතර බලාගාරයේ සේවය කරන විද්‍යාඥයින්, සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් එහි පදිංචි වූහ.
බුද්ධිමතුන්ගේ නගරයක් වූ නිසාම එය සෝවියට් ආදර්ශ ජනාවාසයක් ලෙස ගොඩනගනු ලැබීය.
කෙසේවෙතත් 1986 අපේ‍්‍රල් මස 26වන දින බලාගාර සේවකයකුගේ වරදක් හේතුවෙන් 4වන ප‍්‍රතික‍්‍රියාකාරකය උණුවී ගිය අතර අධික පීඩනය හේතුවෙන් එය තිබූ ගොඩනැගිල්ල පුපුරා ගොස් පරිසරයට විකිරණ නිකුත් වීම ඇරඹුනි.
ප‍්‍රිප්යැට් නගරයෙන් ජනතාව ඉවත් කිරීම පසුදින ඇරඹුනු අතර තම නිවෙස් හැරයන්නේ සදහටම බව නොදත් 50000ක් දෙනා පැය 3ක් තුළ නගරයෙන් ඉවත් වූහ.  ඉන් අනතුරුව එළඹි මාස 7 තුළ බලාගාරයෙන් විකිරණ කාන්දු වීම නැවැත්වීම සඳහා දැවැන්ත පරිශ‍්‍රමයක් යෙදවිණි.
කෙසේවෙතත් ඒ කටයුතු වලට සම්බන්ධවූ සේවකයන් බොහෝ දෙනෙක් විකිරණ ශරීරගතවීමෙන් මියගිය අතර විශාල පිරිසක් ජීවිත කාලය තුළම බරපතල රෝගාබාධ වලට ලක්වූහ.  යුක්රේනය, බෙලාරුස් සහ රුසියාව යන රටවල් දැඩි ලෙස විකිරණ කාන්දුවට ලක්විය.
එහි බලපෑම වසර 28කට පසුවත් තයිරොයිඞ් පිළිකා සුලභ වීමෙන් දැකගත හැකිව පවතී.



lankacnews

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.