ලස්සනට පෙනෙන්නට යටි තොලට මැටි පුවරුවක් දමන අය [Photo]
ඉතියෝපියාවේ සූරි ගෝත්‍රික කාන්තාවන් අලංකාරය සඳහා යටි තොලට දැවැන්ත මැටි පුවරුවක් පළඳින බව වාර්තා වේ.
යෞවනියක් මල්වර වීමේදී යටි හනුවේ ඉදිරි දත් දෙක කඩ ඉවත් කරන අතර යටි තොලටද කුඩා කැපුමක් යොදනු ලබයි.
ඉන්පසු එයට කුඩා මැටි පුවරුවක් ඇතුළු කරන අතර ක්‍රමානුකූලව මෙම පුවරුවේ විශාලත්වය වැඩි කරනු ලබයි.
වඩා විශාල මැටි පුවරුවක් යටි තොලේ දමා සිටින දියණියන් විවාහ කරදීමේදී පියාට දෑවැද්ද ලෙස ඉල්ලා සිටිය හැකි ගවයන් සංඛ්‍යාවද වැඩි බව පැවසේ.
කුඩා ප්‍රමාණයේ මැටි පුවරුවක් පළඳන තරුණියක් වෙනුවෙන් ගවයන් 40ක් පමණ හිමිවන අතර විශාල මැටි පුවරුවක් සඳහා ගවයන් 60ක් පමණ හිමිවන බව සඳහන් වේ.
කෙසේවෙතත් මෑත භාගයේදී ඇතැම් යෞවනියන් තොල් සිදුරුකිරීම සහ දත් කඩාදැමීමට එරෙහි වී ඇති බවද වාර්තා වේ.
මේ අතර පිරිමි ගෝති‍්‍රකයන් අලංකාරය සඳහා වේදනාව අවම ක්‍රමයක් වන සිරුරු වර්ණගැන්වීම භාවිතා කරති.
පැළෑටි සහ ශාක වර්ග වලින් නිර්මාණය කරගත් සායම් පස් සමග මිශ්‍ර කර ඒවා සිරුරේ තවරාගන්නා අතර ඉන්පසුව රටා මැවෙන සේ ඒවා ඉවත් කරන බව කියවේ.
lankacnews

No comments:
Post a Comment