Breaking News
recent

එකම දවසෙ හතර දෙනෙක් ඇහුවා | මංජුලා









අම්මා ගැන තියෙන පරණම මතකය ?
ගොඩක් තියෙනවා. පුංචිම කාලේ අම්මා මට බත් කවනවා හොඳටම මතකයි.

පිරිසක් ඉදිරියේ නිරූපණයක් කළ මුල්ම දවස ?
මොන්ටිසෝරියෙදි අවුරුදු කුමාරි විදියට ඉඳලා දිනුවා.

අම්මාගෙන් ලැබුණ තදින්ම හිතට කාවැදුණ අවවාදයක් ?
අම්මා ඉතිං ගොඩක් අවවාද දෙනවා. සමාජයේ හොඳට ජීවත් වෙන්න එහෙම අම්මා තමයි කියලා දෙන්නේ.

තරගයකට ඉදිරිපත්වෙලා පරාජිත හැඟීමක් දැනුණේ ?
පුංචි කාලේ මම නිතරම වගේ සංගීත පුටු තරගවලින් නම් පරාජය වෙනවා.

තරගයකින් ජයග්‍රහණය කළේ ?
අවුරුදු කුමාරි ලෙස ඉදිරිපත් වුණ දවසේ තමයි

තමන්ගෙම අතින් කෑමක් පිළියෙල කළේ ?
මට මතකයි අම්මා නැති අතරේ හොරෙන් මැකරෝනි එකක් හැදුවා. චීස්, බිත්තර ඔක්කොම දාලා හැදුවේ. ඊට පස්සේ චූටි මල්ලිත් එක්ක කෑවා.

රංගනයට ලැබුණ ඉහළම ප්‍රතිචාරය ?
ඕලු ටෙලි නාට්‍යයට තමයි. තවමත් ගොඩක් අය මාව මංජුලා කියනවට වඩා ඕලු කිව්වම දන්නවා.

මුහුණදීපු අසීරුම විභාගය ?
මගේ එක්ස්ටර්නල් ඩිග්‍රි එක (බාහිර උපාධිය) තමයි. මුළු දවසෙම එක දිගට පැය ගාණක් වාඩිවෙලා ලියන්න සිද්ධ වුණා. පිටු ගණනක් ලිව්වා. අත රිදෙනකල්ම ලියනවා ලියනවා ඉවරයක් නෑ.

ඉස්සෙල්ලාම කැමරාවට මුහුණ දුන්නේ ?
මම A/L කරන කාලේ චොකලට් දැන්වීමකට හිටියා.

තමන්ගෙම කියලා කීයක් හරි උපය ගත්තේ ?
ජයමංගල ගාථා කියලා රුපියල් 500ක් ලැබුණා.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදේශයක් ?
මගේ මුල්ම රංගනය වුණේ 'රිද්දි යාගය' කියලා ඒකාංගික ටෙලි නාට්‍යයක. මුල්ම ජවනිකාව ඉදිරිපත් කරන්න තිබුණේ ජෝ අබේවික්‍රමත් සමඟ. එතුමා එදා මගේ රංගනය දැකලා කිව්වා ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා කියලා. පරිස්සමෙන් ඒ ගමන යන්න කිව්වා.

ජීවිතයේ ගොඩක්ම කම්පනයට පත්වුණ සිදුවීමක් ?
සුනාමි ඛේදවාචකය තමයි.

මුල්ම විදෙස් සංචාරය ?
ආචාර්ය හේමසිරි සෙල්ලප්පෙරුමයන්ගේ `සංජානා' චිත්‍රපටයට ඉන්දියාවට ගියා.

ජීවිතයේ ගොඩක්ම සතුටු වුණේ ?
විවාහ දිනය තමයි. ඒ 2008 සැප්තැම්බර් මාසේ 5 වැනිදා.

මුහුණදුන් වඩාත් අසීරුම රංගනය ?
ඕලු නාට්‍යයේදී වතුරේ බැහැලා ෂූට් කරන්න තිබුණ අවස්ථාවක මාව ගිලෙන්න ගියා. මට පීනන්න පුළුවන්. ඒත් ඒ විලේ ඕලු නැටියි, මඩයි නිසා පැටලිලා මඩේ එරුණා. ඒ මදිවට දිය රෙද්දකුත් ඇඳගෙනනේ හිටියේ.

කියවපු මුල්ම පොත ?
හෝඩි පොත වෙන්නැති.

බලපු මුල්ම චිත්‍රපටය ?
ඉස්කෝලෙන් එක්කරගෙන ගියා ෆිල්ම් එකක් බලන්න. 'අම්මාවරුනේ' කියන ෆිල්ම් එක වගේ තමයි මතක.

ඉස්කෝලේ යන කාලේ දඬුවමක් වින්දේ ?
හෝම්වර්ක් කරගෙන ගිහින් නැතිව නැඟිට්ටවලා කිව්වා.

I Love you කියන එක මුලින්ම ඇහුවේ ?
ඒ දවස්වල නිතරම ඔය ප්‍රශ්නය අහන තත්ත්වයක් තිබුණා. එකම දවසේ හතර දෙනෙක් 'ආදරෙයිද' කියලා අහපු අවස්ථාත් තිබුණා. මම හැමෝටම රෙකෝඩ් එක වගේ කියන්නේ මම කැමැති නෑ ගෙදරින් කෙනෙක් කතා කරලා තියෙනවා කියලා.

ඉස්සෙල්ලම පෙම්වතියක් වුණේ ?
පාසල් කාලේ එක එක ක්‍රශ් තිබුණා. හැබැයි පෙම්වතියක් වුණේ නෑ. මොකද පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව මම. අම්මයි ආච්චියි මගේ ළඟින්ම හිටියා.

ජංගම දුරකතනයක් පාවිච්චියට ගත්තේ ?
A/L කරද්දි නිල්පාට චූටි ෆෝන් එකක් තිබුණා.

රියැදුරු අසුනක වාඩි වුණේ ?
A/L කරපු ගමන් වගේ මම නිල්පාට මාර්ච් එකක් ගත්තා. ඒකේ ටෙඩි බෙයාර්ස්ලා ගොඩා....ක් පුරවලා තිබුණේ.

ඉකිගහලා ඇඬුවේ ?
සීයා මියගිය දවසේ. ඒ කියන්නේ 2008 අවුරුද්දෙ.

හොඳටම හිනාවුණේ ?
වෙඩින් එක දවසේ වෙන්නැති. හිනා වෙලාම ඉවරයක් නැහැනේ එදාට.

පිළිකුල් සහගත අත්දැකීමකට මුහුණ දුන්නේ ?
සමාජයේ සිදුවන දේවල් දැක්කම පුදුම පිළිකුලක් ඇති වෙනවා.

දැකපු සුන්දරම සිහිනයක් ?
සත්තු වත්තේ ඔක්කොම සත්තු පැනලා එහෙ මෙහෙ දුවනවා. අන්තිමට මගේ බලු පැටියත් ඒ සත්තු අතරින් දුවගෙන මගේ ළඟට ආවා.




hirufm

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.