කොරියන් දුරකතන ගැන අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා
බොහෝ දෙනෙක් අදවන විටත් කොරියන් දුරකතන ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ඒත් අපේ යාලුවෝ ටික දෙනෙක් හරි කරන දැනුවත් කිරීම් නිසා දැන් දැන් මේ ගැන දන්න පිරිස වැඩි වෙමින් පවතිනවා. ඒ ගැන අපට සතුටුයි. දැන් ගොඩක් දෙනෙක් කොරියන් දුරකතන ගැන කතාවෙනවා Facebook group වල අපි දැකලා තියෙනවා.
අපේ යාලුවෙක් කොරියන් දුරකතනයක් විකුණගන්න ගිහින්, දුරකතනය ගන්න ගිය කෙනා කොරියන් දුර්කතන ගැන හරිහැටි අවබොධයක් නැතුව සිටි නිසා විකුණන්න ගිය අපේ යාලුවා මුහුණ දීපු අකරතැබ්බය නිසාම මෙයාට ඕන වුනා කොරියන් දුරකතන ගැන අපේ යලුවන්ව දැනුවත් කරන්න. ඒ නිසා මෙයා facebook එකේ group එකකුත් හැදුවා. මේ තියෙන්නේ ඒ group එක.
https://www.facebook.com/groups/koreanphone/
මේකට ගිහින් බලන්න. ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න, කොරියන් දුරකතනවලට නොයෙක් විදියේ උපකාර මෙතනින් ලබා ගන්න පුලුවන්.සමහර අය දැනටමත් මේකේ ඉන්නව වෙන්න පුලුවන්. නැති අය එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.අපි විතරක් වෙනෙයි අන්තර්ජාලයේ හොයලා බැලුවම ගොඩක් ලිපි තියෙනවා කොරියන් දුරකතන ගැන. ඒවා ලියලා තියෙන්නේ මීට ගොඩක් ඉස්සර. පහත තියෙනවා ඒවයේ links. ඒවටත් ගිහින් කියවලා බලන්න.
මේවා හොයා ගත්තේ Elakiri.com එකෙන්, මේවා ලියාපු අයට ස්තුතිවන්ත වෙන්න ඕනෑ.
මොනවද මේ Anycall http://www.elakiri.com/forum/showthread.php?t=1560331&highlight=Anycall
Original~Anycall~Chinese වෙනස http://www.elakiri.com/forum/showthread.php?t=1568328highlight=anycall%2C+korean%2C+chinese
වර්තමාන තත්වය
ඔහොම ඉන්න අතරේ තමයි මේ කොරියන් කිය කිය බාල චයිනීස් දුරකතන වෙළෙඳපලට ආවේ.
මුලින්ම අපේ අය හිතුවේ මේවා ඇත්තටම කොරියන් කියලා. මේවා ගැන අපි දීර්ඝ
වශයෙන් සාකඡ්චා කලා. ඒ ලිපියේ එක පහල තියෙනවා. බලපු නැති අයට ගිහින් බලන්න
පුලුවන්.
S4, Note3, S4 mini, S3 mini, S3 බාල Copy/Replica හැමතැනම, එසේනම් කල යුත්තේ කුමක්ද...???
මේක දැන් වසංගතයක් විදියට පැතිරිලා. හැම තැනම තියෙනවා දැන්වීම දාලා. මේකේ තියෙන බරපතලකම තමයි මේවා විකුණන්නේ කියලා Copy නෙවෙයි, Original කියලා. විකුණන අය හොඳටම දන්නවා මේවා copy කියලා, එත් ඉන්නේ ඒබව ඒ අයත් නොදන්න ගානට. ඒ විදියට තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. දැන්වීමේ විස්තරේ දාලා තියෙන්නේ original කියලා. ඒත් දන්න අය ප්‍රශ්න කරද්දි සමහර අය පිලිගන්නවා copy කියලා, ඒ අතරේ ලිස්සලා යන අයත් ඉන්නවා. මෙහෙම බාල වර්ගයේ copy, original ලෙස විකිණීම නිතිවිරෝධි ක්‍රියාවක්.
මෙන්න අලුත්ම කටකතාව
ඉතින් මේ ගැන අපේ යාලුවො දැනුමත් වෙද්දි මේවා ගැන ප්‍රශ්න කරද්දි මේ අයගෙ මේ හොර businessඑක කඩා වැටෙන්න පටන් අරගෙන. මොකද දැන අපේ අය දන්නවා original Korean කියලා විකුණන Chinese copy එකයි, original Korean එකයි වෙන්කරලා අඳුරගන්න. ඒ හින්දා මේ අය හදලා තියෙනවා අපූරු කතාවක්, "Anycall, Olleh හදන්නේ ඉංදියාවේ කියලා". මේක පතුරුවන්න blog එකකුත් ලියලා. මේ blog එක පතුරුවන්න වෙනම කට්ටියක් දාලා ඉන්නේ. සමහරවිට දැනටමත් ඔය අය දැකලා ඇති. මේ අයගේ අරමුණ තමයි Korean version phones වලට තියෙන ප්‍රතිරූපය නැතිකරලා දාන එක. මේක එක කටකතාවක් විතරයි, තව ඉස්සරහට තව තව දේවල් කියන්න ගනිවි.මොකක්ද ඇත්ත...?
ඉංදියාවේ තියා කොරියාවෙ වත් නැහැ, Anycall, Olleh දුරකතන හදන company. Anycall, Olleh, U+ කියන්නේ වෙළෙඳ නාමයන් තුනක් විතරයි. කොරියාවේ
දුරකතන හදන ප්‍රධාන company තුන තමයි Samsung, LG, SKY කියන්නේ. කොරියාවේ
තියෙනවා දුරකතන සම්බන්ධතා ((Network providers) ලබාදෙන company තුනක් (අපේ
රටේ නම් Dialog, Mobitel, Airtel, Hutch, Etisalat). මේ company එකකින්
වත් දුරකතන හදන්නේ නැහැ.
මේ තියෙන්නේ ඒ තුන. මම link එකත් දාලා තියෙනවා official website එකේ. ඕන
කෙනෙකුට ගිහින් බලලා සැකහැර ගන්න පුලුවන් (මේවා කොරියන් භාෂාවෙන් තියෙන්නේ.
Google chrome වලින් open කරනකොට automatically එනවා English translation
එක )
1. SKT Telekom (http://www.sktelecom.com/)
2. Korean Telekom/KT corporation (http://www.ktexpatblog.com/)
3. LG U+ Corporation (http://www.uplus.co.kr/)
අපේ රටේ වගේ නෙවෙයි කොරියාවේ අලුත් දුරකතනයක් ගන්නකොට මේ company තුනෙන් එකකින් තමයි ගන්න ඔනේ. කොරියාවේ විතරක් නෙවෙයි, යුරෝපයේ ගොඩක් රටවල මේ ක්‍රමය තමයි තියෙන්නේ.
SKT Telekom ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Anycall
KT corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි Olleh
LG U+ Corporation ආයතනය භාවිතා කරන වෙලෙඳ නාමය තමයි U+
Samsung phones විතරක් නෙවෙයි, LG, SKY phone වලත් තියෙනවා Anycall, Olleh, U+ කියලා.
කටකතාවලට රැවටෙන්න එපා. ඇත්ත මොකක්ද කියලා විමසිල්ලේන් හොයලා බලන්න. අපි කියනදේ විතරක් පිලිගන්න එපා, ඔයාලම internet ගිහිල්ලා තව හොයලා බලන්න. ඔන්න හැමතොරතුරක්ම දාලා තියෙනවා link එක්කම. මේවා කිසි දෙයක් කවුරුවත් අපිට කියලා දීපු ඒවා නෙවෙයි, මහන්සිවෙලා හොයා ගත්ත දේවල්. මෙකේ නැති තොරතුරු තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.
මේ කටකතාවලට විරුද්ධව සටන්කරන්න ආයුධ දෙකක් තියෙනවා. ඒ දෙක පාවිච්චි කරන්න. එතකොට හරියයි.
දැනුවත් වෙන්න
අන් අය දැනුවත් කරන්න
androidhelpsl
No comments:
Post a Comment