Breaking News
recent

වලට දාන එකනෙ කරන්න බැරි " ලෝචනා".......








රටේ යන්න අකැමැතිම පළාතක්?
ත්‍රිකුණාමලේ යන්න කැමැති නෑ. ගිහින් නම් නෑ. ආරංචියේ හැටියට යනවා.... යනවා.... යනවා... ඉවරයක් නෑලු. දුර වැඩියිනේ. දුර ගමන් යන්න මම කැමැතිම නෑ.

අකැමැතිම විහිළුවක්?
මගේ චරිතය ගැන කියලා විහිළු කරනවට අකමැතියි. ඕන විහිළුවක් දිරවගන්න පුළුවන්. නම කැත කරලා විහිළුවක් කළොත් නම් මට යකා වැහෙනවා. විහිළුවටත් චරිතයට අපහාස කරන්න ඕන නෑනේ නේද?

අකැමැතිම චිත්‍රපටයක්?
හොල්මන් චිත්‍රපට නම් බලන්න ආස නෑ. එක පාරක් බැලුව එකක් තව පාරක් නම් ඕනම නෑ. බැලුවට පස්සේ රෑට නින්ද යන්නෙත් නෑ. ටික දවසක් යනකල් නිකන් භූතයි වගේ.

අකැමැතිම දේශපාලන චරිතයක්?
මගේ එහෙම දේශපාලනේට කැමැත්තකුත් නෑ. අකමැත්තකුත් නෑ. ඒත් හිට්ලර් නම් අප්‍රියම අප්‍රියයි. ඒකාධිපති පාලනයක්නේ අරන් ගියේ. ගෑස් කාමරවල දාලා ලක්‍ෂ ගාණක් මිනිස්සුන්ව පණ පිටින් පිච්චුවනේ. මහා එපා කරපු පාලකයෙක්.
අකැමැතිම දුරකතන ඇමතුමක්?
හපොයි.... අකමැතිම කෝල්ස් නම් ඕන තරම් එනවා. ෆෑන්ස්ලා නම් කොච්චර කතා කළත් කමක් නෑ. ඒත් සමහරු එනවානේ අමුතු දේවල් කතා කරන්න. මම නම් පළු යන්න බනිනවා. එක පාරක් බැනලා ඊට පස්සෙත් ගත්තොත් නම් කතා දෙකක් නෑ. ඒ නම්බර් එක බ්ලැක් ලිස්ට් කරනවා.

අකැමැතිම සින්දුවක්?
සාමාන්‍යයෙන් සින්දු අහන්න ආසයි. රැප්, හිපොප් නම් ඕනම නෑ. අහන් ඉන්න අමාරුයි. ඒ නිසා අහන්නෙම නෑ.

අකැමැතිම ක්‍රීඩාවක්?
කැරම් ගහන්න ආස නෑ. ඩිස්ක් එක වළට දාගන්න සෑහෙන්න කට්ටක් කන්න ඕනනේ. මට නම් කරන්නම බැරි වැඩක්.

අකැමැතිම ගායකයෙක්?
ලංකාවේ ගායකයෝ ඔක්කොම වගේ යාළුවෝ. නමක් කිව්වොත් මට ගහයි.

අකැමැතිම නළුවෙක්?
හොරුන්ට රඟපාන, විලන් කැරැක්ටර්ස් කරන නළුවන්ට කොහොමත් ආස නෑ. ඒ ඇර සුනිල් ෂෙට්ටිට ආස නෑ. කෙළ බේර බේරා අඬනවානේ.

අකැමැතිම නිළියක්?
අර කොට නිළිය කවුද ඉන්දියාවේ? උර්මිලා, උර්මිලා, උර්මිලා.... සිරාවටම මම කැමැති නෑ. මට තේරෙන්නෙ නෑ කියන්න එයා හරි අමුතු විදියට රඟපාන්නේ ටිකක් මොංගල් වගේ.

අකැමැතිම කැත පුරුද්දක්?
මගේ ඉතින් ඔය වැරැද්දකට කියලා තියෙන්නේ කියවන එකනේ. ඕන එකටයි එපා එකටයි කියවන එක තමයි අකමැතිම කැත පුරුද්ද මගේ. කට හින්දා නහින්න වෙයිද මන්දා...

යන්න අකැමැතිම රටක්?
ඉතියෝපියාවට යන්න අකමැතියි. අපි අහලා තියෙන විදියට මහා දුෂ්කර රටක් නේ. ඒ නිසා යන්න නම් ඕන නෑ.

අකැමැතිම ෆැෂන් එකක්?
ඕනවට වඩා හෙවි ජුවලරි දාලා වේල් කරත්තයක් වගේ පාරේ යන්න නම් මම ආස නෑ.

අකැමැතිම දේශපාලන පක්‍ෂයක්?
පිස්සුද? ගහයි මට අෑ.... ගෙවල් ‍දොරවල් දාලා යන්න වෙයි ඒවා කියලා.

අතගන්න කෙනාගේ දකින්න අකැමැතිම ගති ගුණයක්?
හරි හෝ වැරැදි හෝ කරන එක කෙළින්ම මට කියන්න ඕන. බොරු කරන එක තරම් පෙන්නන්න බැරි දෙයක් තවත් නෑ මට.



hirufm

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.