Breaking News
recent

කුඩා යාත්‍රාවක සමග මාස 14ක් මුහුදේ පාවූ මිනිසෙක්



ජෝස් සැල්වදෝර් වෘත්තියෙන් නොගැඹුරු මුහුදේ ධීවරයෙකි. සිය වෘත්තීය කටයුතු උදෙසා ජෝස් සිය සහායකයා වූ එස්කයිල් නම් 18 හැවිරිදි තරුණයා සමග මෙක්සිකෝ වෙරළින් පිටත්වූයේ 2012 වසරේ දෙසැම්බර් 21 දිනය. අවාසනාවකට මෙන් ඔහුගේ යාත්‍රාවේ එන්ජිම එදින රාත්‍රියේ ක්‍රියා විරහිත විය. රාත්‍රිය පුරා පැවැති දැඩි සුළං සහ චණ්ඩ දිය රැළි නිසා ජෝස්ගේ යාත්‍රාව ශාන්තිකර සාගරයේ මැදට ඇදී යන්නට විය. නොගැඹුරු මුහුදේ යාත්‍රිකයෙකු වූ ජෝස් සතු ආහාර සහ ජලය ප්‍රමාණවත්  වූයේ එක දිනකට පමණි. සැඩ හිරු රැසින් පීඩිතව දිය බිඳක් බිමට නැතිව ජෝස් සහ සහායකයා සති ගණන් ශාන්තිකර සාගරයේ අරමුණකින් තොරව පාවෙන්නට විය.
මහා සාගරය මැද අතරමං වී සති හතරක් ගවෛන කල ජෝස්ගේ සහායකයා කුසගින්න සහ පිපාසය නිසා මියගිය අතර ඔහුගේ සිරුර මහා සාගරයට දැමීම හැර වෙන විකල්පයක් තමන්ට නොවූ බව ජෝස් පවසා ඇත.
තම යාත්‍රාව අසලට පැමිණි කුඩා මසුන් අමුවෙන් ආහාරයට ගැනීමට  ජෝස් හුරු වූ අතර ජලය නොමැති කම නිසා තම මුත්‍රා පවා බිමට සිදු වූ බව ජෝස් පවසයි.
දිනක් තම යාත්‍රාවේ කුඩා කුටියේ තිබි පිහියක් සොයා ගැනීමට ජෝස්ට හැකි විය. ඊට පසු දින යාත්‍රාව සමීපයට ආ කැස්බෑවෙකු අල්ලා ගත් ජෝස් ඌ මරා මස් ආහාරයට ගත් අතර උගේ ‍ලේ පානය කර පවස නිවා ගන්නට සමත් විය. ඊට අමතරව යාත්‍රාවට පැමිණෙන මුහුදු ලිහිණියන්ද  ඇතැම් විට මරා ආහාරයට ගැනීමට ඔහු පෙළඹී ඇත. මෙම කාලයේ ඔහුගේ ප්‍රධාන ආහාරය වී ඇත්තේ කැස්බෑ මස්ය.
මාස 14ක් පුරා සැතපුම් 8000ක් දුර මහා සාගරයේ පාවී ආ ජෝස් ගේ අඩි 24ක් දිග ධීවර යාත්‍රාව පසුගිය සතියේ මාර්ෂල් දූපත්වලට අයත් එබොන් ඇටොල් නම් දූපතේ කොරල් පර අතරට පැමිණ ඇත.
“මගේ යාත්‍රාව වැල්‍ලේ වැදුණාම මම වෙරළට පිහිනා පැමිණ හතර දෙසට දිව ගියා. මාස 14කට පසු සාගරයට වඩා යමක් මා දුටු පළමු අවස්ථාව මෙයයි.”
මාෂල් දූපත්වලට අයත්  ප්‍රධාන දූපත වන මජුරෝ හි රෝහ‍ලේ නතරව සිටිනා ජෝස් බැලීමට විශාල පිරිසක් රෝහලට පැමිණෙන බව වාර්තා වෙයි.
ඇතැම් පුද්ගලයන් ජෝස්ගේ කතා පුවත සැක සහිත බව පවසයි. “මාස 14ක් සාගරයේ පාවී ආ බව කීවත් ඔහු හොඳ සනීපයෙන් සිටිනවා. පසුගියදා බේරාගත් ධීවරයන් මෙන් ඔහු කෘශ වී නෑ” යනුවෙන් මාර්ෂල් දූපත්හි වැඩ බලන විදේශ ‍ලේකම් ගී බිංග් පවසයි.
වෛද්‍යවරු පවසනුයේ අධික සූර්ය රශ්මියට සහ ලවණ අධික සුළඟට නිරාවරණය වීම නිසා ජෝස්ගේ ශරීරය ඉදිමී ඇති බවත් ඔහු දැඩි කම්පනයකට ලක් වීම නිසා සිය නම ගම උපන් දිනය සහ තම සගයාගේ නම පවා අමතකව ඇති බවත්ය.    මාෂල් දූපත්හි ආගමන විගමන ප්‍රධානී ඩේමියන් ජැක්ලික් පවසනුයේ ඇමෙරිකානු තානාපතිගේ සහාය ඇතුව ජෝස්ගේ වගතුග සොයා බැලිය යුතු බවත්ය.
මෙක්සිකෝවෙන් ලැබෙන වාර්තා මගින් කියවෙනුයේ ජෝස්ගේ බිරිඳ සහ දියණිය මාර්ෂල් දූපත්වලට යාමට දැනටමත් සූදානමින් සිටින බවයි.





-lakbima-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.