Breaking News
recent

මෙන්න අලුත්ම ඉබි වාහනය..




තද නින්දේ පසුවත්දී මීයන් විසින් කා දමා තිබුණු පෙර පාදවලින් ඉතිරි වූ කොටස්වල ඉහඳ පණුවන් වැඩී තිබෙන අයුරු දුටු ස්ට්‍රෑන්ඩ් පවු‍ලේ සාමාජිකයන් කඩිනමින් සෙප්ටිමස්ව පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තද වෛද්‍ය මතය වන ලද්දේ විසිතුන් හැවිරිදි ඉදිඹුවාගේ ජීවිතය ගලවා ගැනීමට නම් පෙර පාද යුවළ මුළුමනින්ම ඉවත් කළ යුතු බවයි. ඉවත් කෙරුණ පාද වෙනුවට සෙප්ටිමස්ට හිමිවූයේ ඕනෑ අතකට කරකැවී ගමන් කළ හැකි අන්දමේ අපූරු රෝද යුගලකි. සෙප්ටිමස්ට ප්‍රතිකාර කළ පශු වෛද්‍යවරයාට ඉදිඹුවෙකුගේ පෙර පාද වෙනුවට රෝද සවි කිරීමට සිදුවූ පළමු අවස්ථාවද මෙයයි. එසේ වුවද පාද වෙනුවට රෝද සවිකිරීම නිසා දැන් සෙප්ටිමස්ට පෙර නොතිබූ හැකියාවන්ද ලැබි තිබේ. ඒ සිටින තැන සිටම කරකැවීමටත් පසුපසට අපහසුවකින් තොරව ගමන් කිරීමටත්ය. අන් ඉදිඹුවන් මෙන් මුළුගැන්වී සිටීමට ප්‍රියනොකරන ඉතාම සමාජශීලී චරිතයක් වන සෙප්ටිමස්ට මෙම නවතම හැකියාවන් කොතරම් වටින්නේද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.
ස්ට්‍රෑන්ඩ් යුවළගේ දියණියන් වන ‘ටැබි’ හා ‘ෆ්‍රෑන්’ පවසන ආකාරයට වදමල්, ස්ටේ‍රා්බෙරි හා පිපිඤ්ඤා ආහාරයට ගැනීමට ප්‍රිය කරන සෙප්ටිමස්ගේ ගමන් වේගයද මෙම රෝද යුගල නිසා ඉක්මන් වී තිබේ. සිය මව වන හතළිස් හය හැවිරිදි මාර්ගෝ සමග ජීවත්වන සෙප්ටිමස් දවසේ වැඩි කාලයක් ගත කරන්නෙ ස්ට්‍රෑන්ඩ් පවු‍ලේ නිවස තුළය. එසේ වුවද ස්ටේ‍රා්බෙරි වැනි සිය ප්‍රියතම ආහාර රස බැලීම සඳහා ගෙවත්තට බැසීමට සෙප්ටිමස් මැලිවන්නේ නැත.
සෙප්ටිමස්ගේ දෙපා ඉවත් කිරීමේ සැත්කම සිදුකළ පශු වෛද්‍ය ‘බෙන් ට්‍රිමර්’ පවසන ආකාරයට නිද්‍රාවතරණය සඳහා අඳුරු මුළුවලට රිංගා ගන්නා ඉබ්බන්, සුනඛයන්, හිවලුන් වැනි සතුන්ගේ සපාකෑම්වලට ලක්වූ අවස්ථා පිළිබඳව වාර්තා වුවද, මීයෙකුගේ සපාකෑම් වලින් දෙපා යුවළක් අහිමිවූ මෙබඳු සිදුවීම් විරලය. මෙබඳු ඉරණමකට ලක්වූ ඉදිඹුවකුගේ ඉතිරිව ඇති ආසාදනයට ලක්වූ පාද කොටස් ඉවත් කිරීම හැර ඉතිරි වන අන් එකම විකල්පය වනුයේ සත්වයාට වේදනා රහිත මරණයක් ලබා දීමයි. ජීවත් වීමට යළිත් වරම් හිමි කරගත් සෙප්ටිමස්ගේ පිටත කටුවට රෝද සවි කිරීම සඳහා ෆයිබර් ග්ලාස් යොදා ගෙන ඇති අතර ඔහුගේ සිරුරේ ප්‍රමාණයට හා හැඩයට ගැළපෙන රෝද ලබා ගෙන ඇත්තේ සෙල්ලම් ගුවන් යානා ආකෘතියකිනි.




No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.