භාරත සුරූපිනියෝ ලංකාවේ
ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘ රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුණු ඉන්දීය සුරූපිනියෝ විසි දෙනෙක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ යානයකින් ඉන්දියාවේ සිට අද (11) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතින් දිවයිනට පැමිණියහ.
සිනමන් හොටෙල් ඇන්ඞ් රිසෝට් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් සමග එක්ව මාර්තු මස 11-16 දක්වා සතියක් පමණ අවසන් වටයේ සුරූපිනියන් 20 දෙනා සඳහා සත්කාරකත්වය සලසයි .
ෆෙමිනා මිස් ඉන්ඩියා වසර 50ක කාලයක් පුරා ඉන්දියා සුරූපිනියන්ගේ සුන්දරත්වය පමණක් නොව හරාත්මක බවද ඇගයීමකට ලක් කෙරෙන පුරෝගාමී වු එරට පැරණිතම රූ රැජිණ තරගයකි.
මෙවර 51 වැනි රූ රැජිණ වීම සඳහා ඉන්දියාවේ නගර 20ක සංචාරය කිරීමෙන් අනතුරුව ෆෙමිනා මිස් ඉන්ඩියා 2014 තරගයේ අවසන් වටය සඳහා මෙම සුරූපිනියන් 20 දෙනා තෝරාගෙන ඇත. මොවුන්ගේ කුසලතා පරීක්ෂණ මුම්බායි නගරයේදී පැවැත්වේ.
ඉන්දියාවේ දැවැන්තම මාධ්‍ය ආයතනය වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ව්‍යාපාර සමූහය මෙම තරගයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.
lankadeepa
No comments:
Post a Comment