Tuesday, July 15 2025
Breaking News
recent

එබෝලා වෛරසය ගිනියාව ගිලගනිමින් 60ක් ජීවිතක්ෂයට


ගිනියාහි පුද්ගලයන් 60කට පමණ මරණය කැඳවා ඇති රක්තපාත උණ සඳහා හේතුවී තිබෙන්නේ එබෝලා වෛරසය බව හඳුනාගෙන තිබේ.

ස්පර්ශයෙන් බෝවන එබෝලා වෛරසය සඳහා ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැති බව කියැවෙයි.

රෝගය බෝවූවන් සමග ගැවසෙන්නන්ට මෙය වේගයෙන් පැතිර යන අතර, ඉන් 25% සිට 90% දක්වා පිරිසක් මරණයට පත්වන බව හඳුනාගෙන තිබේ.

රෝග ලක්ෂණ ලෙස පෙන්වන්නේ අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය, පාචනය හා වමනයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ මධ්‍යම හා බටහිර අප්‍රිකානු කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව මෙම වෛරසය මුලින්ම පැතිර ගොස් ඇති බවයි.

එමෙන්ම ගිනියාවෙන් එබෝලා වෛරසය වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවෙයි.



-ada-

No comments:

LATEST MOVIES

Total Pageviews

296102

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.