දැල් වු ගිනි කූරූ රැවුලේ...
තම රැවුලෙහි එක් එක් දෑ රඳවා ගැනීමට හැකියාවක් සහ ලැඳියාවක් දක්වන පුද්ගයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙයි. ඔහු පියර්ස් තියෝට් (27)නැමැති කලා අධ්‍යක්ෂකවරයෙකි.
නිවාඩු දිනයක පවුලේ නිපුණතා ප‍්‍රදර්ශනයකට ආරාධනා ලැබුණු ඔහු තම රැවුලෙහි පැන්සල් රැඳවීය. ඉන් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ ස්ටැසි (28) එක් වී ‘රැවුලට හැකිද?’ යනුවෙන් අන්තර්ජාලයේ ඡායාරූප ප‍්‍රදර්ශනයක් ඇරඹීය.
තම රැවුලෙහි රඳවා ගනිමින් ඒවායෙහි ඡායාරූප එහි පළ කළේය. ඒ සියලූ ඡායාරූප ගන්නා ලද්දේ ස්ටැසි විසිනි. ඒවා අතර ගිනි දැල්වූ ගිනිකූරු, බීම බට, නූඞ්ල්ස්, පාටකූරු ආදිය රැවුලෙහි රඳවා දුත් ඡායාරූප වෙයි.
මේ ඡායාරූප පෙළ සඳහා ඔහුට විශාල ජනතා ප‍්‍රතිචාර සංඛ්‍යාවක් ලැබෙන බවත් විශාල රසිකයන් පිරිසක්ද සිටින බවත් පැවසේ.
-lankadeepa-


No comments:
Post a Comment