Sunday, March 30 2025
Breaking News
recent

පහේ පැංචා කුණු අදින ලොරියක් ගනී...






මවගේ ක්‍රෙඩ්ටි කාඩ් පතින් පවුම් 3500 ගෙවා  (රුපියල් 765000 ) පමණ ක කුණු  අදින සැබෑ ලොරියක් මිලදී ගත් පස් හැවිරිදි පිරිමි දරුවෙක් එංගලන්තයේ සිටියි. කුඩා කළ සිටම කුණු එකතු කිරීමට මහත් ලැදි කමක් දක්වන ඔහු විලියම් බැටිමන්ය. බලාපොරොත්තුව කසල ප්‍රතීචක්‍රීයකරණ කළමණාකරුවකු වීමයි.
දිනක් ඔහු නිවසේ රඳවා වෙළඳ පොළට ගිය මවට ඇයගේ පරිගණකය වසා දැමීමට අමතක විය. එයින් උපරිම ප‍්‍රයෝජන ගත් විලියම් පරිගණකය වෙත ගොස් මවගේ ගිණුමට පිවිස අන්තර්ජාල වෙන්දේසියකින් කුණු අදින ලොරියක් තෝරා ගෙන එයට පවුම් 3500 ක ලංසුවක්ද තැබීය.
පසුව මවගේ ක්‍රෙඩ්ටි කාඩ් පතින් එහි මුදල්ද ගෙවීය. නිවසට පැමිණි මව පරිගණකය පරීක්‍ෂා කිරීමේදී වෙන්දේසියෙන් දිනූ සුදු පැහැති ලොරියට ඔවුන් සුබ පතා පණිවිඩයක් ද එවා තිබෙනු දිටීය.
කිසිවක් කරගත නොහැකි වූ ඇය ඔවුන්ට කතා කොට සමාව අයද සිටියේය. පසුව කෙසේ හෝ වෙන්දේසිය අවලංගු කර කැර ගැනිණි. එවෙලෙහි විලියම් කෙරෙහි තරහක් ඇති වූවත් දැන් එය සිහිපත් වන විට සිනා නැගෙන බව ඇය පැවසීය. විලියම් සතුව සෙල්ලම් ලොරි රැසක් ද ඇත.
එක් එක් වර්ගයේ සෙල්ලම් ලොරි විශාල ප‍්‍රමාණයක් ඔහු සතුව ඇති අතර කුණු බඳුන්වල පුරවා එකතු කළ කැලි කසළ එකතුවක්ද ඇත. නමුත් ඔහු සැබෑ කුණු ලොරියක් හිමි කර ගැනීමට සිහින දකිමින් සිටි බවත්, හමුවන සෑම කෙනෙකුගෙන්ම ඔවුන්ගේ කුණු එකතුකරන්නා පැමිණෙන්නේ කවදද කියා ප‍්‍රශ්න කරන බවත් මව පැවසීය.


 



-lankadeepa-

1 comment:

Anonymous said...

Munam giya athme Kunugodakda koheda..

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.