Breaking News
recent

මීටර් 180ක් විශාල ග්‍රහකයක් සජීවීව දැකබලාගැනීමේ වරම්....

 
 
 
තවත් දින දෙකකින් පෘතුවියට ආසන්නව යන තවත් ග්‍රහකයක් සජීවීව නැරඹීමේ වරම් ලෝක වාසීන් හට උදවී තිබේ.

2014 CU13 ලෙස නම් කර ඇති එම ග්‍රහකය මීටර් 180ක් පමණ විශාල වන අතර තත්පරයට කිලෝමිටර් 19.31ක වේගයෙන් ගමන් කරයි.

එය පෘතුවිය පසුකර යන්නේ චන්ද්‍රයාට ඇති දුර මෙන් 8 ගුණයක දුරිනි. එනම් කිලෝමීටර් මිලියන 3ක් දුරිනි. මෙම ග්‍රහකය සොයාගන්නා ලද්දේ පසුගිය පෙබරවාරි 11 වෙනිදාය.


මාර්තු 11 වෙනිදා මෙම ග්‍රහකය පෘතුවියට ආසන්න වන අතර Virtual Telescope හා Soloh ව්‍යාපෘති විසින් ලංකාවේ වෙලාවෙන් හෙට උදෑසන 7.30 සිට එම අවස්ථාව සජීවීව අන්තර්ජාලය හරහා විකාශය කිරීමට බලාපොරොත්තුවේ.

මීට දින කිහිපයකට පෙර චන්ද්‍රයාටත් වඩා අඩු දුරකින් පෘතුවිය පසුකර ගිය 2014 DX 110 ග්‍රහකයද සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවී ඇති බැව් අප ඔබට හෙළිකරන ලදි

Soloh ව්‍යාපෘතිය හරහා එය හෙට උදෑසන 7.30 නැරඹීමට මෙතනින්.
Virtual Telescope Project ව්‍යාපෘතිය හරහා එය හෙට පාන්දර 4.30 සිට නැරඹීමට මෙතනින්





-33000-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.