කාන්තා පරපුරටම ආඩම්බරයක් වෙමින් පළමුවරට ආසියාවේ දුම්රියක් පැද වූ කාන්තාව
ලිම්කා වාර්තාවල 1995
ප්‍රකාශනයට අනුව මුම්ටාස් කාසි යනු ආසියාවේ පළමු කාන්තා දුම්රිය රියැදුරු
වනවා පමණක් නොව, විදුලි බලයෙන් මෙන්ම ඩීසල් ඉන්ධනයෙන්ද ධාවනය කෙරෙන දුම්රිය
දෙවර්ගයකම ධාවනය කිරීමේ කුසලතාව ලබා ගත් පළමු කාන්තා රියැදුරාද වන්නේය.
කෙසේ වුවද ඇය ආ ගමන්මග නම් සුවපහසු තැනිතලා මාවතක් නොව රළු කඳු, පල්ලම්,
බාධකයන්ගෙන් ගහණ වූවක්ම විය. ඇය සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය අභියෝග
ජයගැනීමට වෙර දැරූ කාන්තාවක වීම ප්‍රධානම හේතුවක් වී තිබිණ. එසේ වුවද 1989
වසරේදී ඉන්දීය දුම්රිය සේවය සඳහා බඳවා ගැනීමේ මණ්ඩලයේ සිදුවූ සංශෝධනයන් සමග
කාන්තාවන්ටද රියැදුරන් ලෙස දුම්රිය සේවයට සම්බන්ධ වීමට ඉඩප්‍රස්ථා සැලසීම
මුම්ටාස් හට ෙදෙවයෙන් හිමිවූ වාසනාවක්ව තිබිණි.
1989 වසරේදී සිය පාසලේ අවසන් විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව රියැදුරු වෘත්තිය සඳහා අයැදුම් කළ මුම්ටාස් ඒ හා සම්බන්ධ විභාග දොළහටම ඉදිරිපත්වී ඒ සියල්ලෙන්ම විශිෂ්ට සාමාර්ථ ඇතිව සමත් වී 1991 වසරේදී දුම්රිය රියැදුරු පත්වීම් ලැබුවද, සිය දියණිය එබඳු රැකියාවක නිරත වනු දැකීමට ප්‍රිය නොකළ ඇගේ පියා වෙතින් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි. ‘අල්ලාරාකු ඉස්මායිල් කතාවලා’ද දුම්රිය මධ්‍යස්ථානයක පාලකයෙකු වුවද සිය දියණියට හිමිවූ මෙම රැකියාව භාරගැනීමට ඇයට ඉඩදීම සඳහා ඔහුව පොළඹවා ගැනීමට නැදෑ හිතමිතුරන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබිණි. එනමුත් අද සිය දිරිය දියණිය
පිළිබඳව පියෙකු ලෙස ඔහු තුළ ඇත්තේ දැඩි සොම්නසක් හා ආඩම්බරයකි. වෘත්තීයමය වශයෙන් මුම්ටාස් ලබා ඇති ජයග්‍රහණයන්ට අමතරව ඇය පිළිබඳව තුටුවීමට තවත් හේතුකාරක බොහෝමයක් වනුයේ ඇය සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකරන ලද්දාවූ දියණියක, බිරියක සේම ආදරණීය මවකද වන නිසාය. සිය පුතුන් දෙදෙනාටද උසස් අධ්‍යාපනයක් ලබාදී ඔවුන්ව ලොව පිළිගත් පුද්ගලයන් කරවීමට කතාවලාට හැකියාව ලැබෙන ලද්දේ මුම්ටාස් විසින් පවුලට ආර්ථිකමය වශයෙන් ලබා දෙන ලද්දාවූ සහයෝගය නිසයි. සාර්ථක ලෙස අධ්‍යාපනය නිමා කළ ඔවුන් දෙදෙනාම අද කැනඩාවේ පිළිගත් සමාගම්වල රැකියාවේ නියැළෙන ඉංජිනේරුවන් දෙදෙනෙකි. ඒ පිළිබඳ අද කතාවලාට ඇත්තේ සිය දියණිය කෙරෙහි උපන් දැඩි කෘතඥතාවයකි.
දිරිය දියණියක සේම ආදරණීය බිරියක හා සෙනෙහබර මවකද වන මුම්ටාස්ගේ ආදරණීය සැමියා වන ‘මන්සුඩ් කාසි’ වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවරයෙකි. දුම්රිය රියැදුරුවරියක ලෙස භාරදූර වෘත්තියක නියැලුණද මවක හා බිරියක ලෙස සිය පවුලට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකරන මුම්ටාස් කෙරෙහි ඔහු තුළ වනුයේද දැඩි ගෞරවයකි. සිය දරු දෙදෙනා වන අට හැවිරිදි ‘ටවුසිෆ් අහමඩ්’ හා සිව් හැවිරිදි ‘ෆාටීන්’ වෙනුවෙන් වරෙක සිය රැකියාවෙන් හිමිවීමට නියමිතව තිබූ උසස් වීමක්ද ප්‍රතික්ෂේප කිරීමට මුම්ටාස්ට සිදු වුවද, ඇය සිදුකළ පරිත්‍යාගය වෙනුවෙන් දෙවියන් ඇයට ත්‍යාගශීලී වනු ඇති බව මන්සුඩ්ගේ විශ්වාසයයි.
ප්‍රවෘත්ති නාලිකාවල, වාර්තා වැඩසටහන්වලද, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවන්ට පමණක් නොව බි.බි.සී. ආයතනයේ වාර්තා වැඩසටහන් ඔස්සේද පුළුල් ප්‍රසිද්ධියක් හිමිකොට ගෙන සිටියද මුම්ටාස් යනු ඉතා නිහතමානී චරිතයක් බව ඇගේ සමීපතමයන්ට රහසක් නොවේ. දුම්රිය මාර්ග පොදු කළමනාකරණ සම්මානය, කලාපීය දුම්රිය කළමනාකරණ සම්මානය ආදී සම්මාන ගණනාවකින්ද පිදුම් ලබා සිටින මුම්ටාස් කාසි සැබවින්ම සමස්ත වනිතා පරපුරටම ආඩම්බරයක් මෙන්ම ආදර්ශයක්ද වන්නේ ඇය වෘත්තීයමය වශයෙන් ලබා ඇති ජයග්‍රහණයන් නිසාම පමණක් නොව කාන්තාවක ලෙස තමාගෙන් ඉටුවිය යුතු යුතුකම්ද අකුරටම ඉටුකොට ඇති නිසාය.

-lakbima-
No comments:
Post a Comment