ඇමැති මර්වින් මිනීපෙට්ටියත් මිලදී ගනී
මහජන කටයුතු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා මිය ගිය පසු ඔහුගේ දේහය තැන්පත් කිරීමට ලංකාවේ ප්‍රධාන පෙළේ අවමංගල්‍ය මල්ශාලාවකින් ඉස්තරම්ම වර්ගයේ මිනී පෙට්ටියක් මුදල් ගෙවා වෙන්කරවාගෙන තිබේ.තම උපන් දිනය යෙදී තිබූ පෙරේදා (25) බොරැල්ල කනත්තේදී සොහොන් කොත සඳහා අමාත්‍යවරයා විසින් මුල්ගල තැබිය. සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී මතකවස්ත්‍ර පූජා කිරීම හා පැන් වැඩීමේ කටයුතු සිදු කෙරුනි.
අමාත්‍යවරයාගේ සොහොන් කොත හැදීම සඳහා රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් යන බව කොළඹ නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන මහතා ලක්බිමට පැවැසීය.
lakbima
No comments:
Post a Comment