Breaking News
recent

දිර්ඝායු රහස ජපන් කතක් කියයි







2014 මාර්තු මස 10 11:23:43 | . , දිලිනි මල්රුක්‍ෂිනැවුම් එළවළු, පළතුරු සහ දිනපතා නිසි ව්‍යායාමය කිරීම ආයු කාලය වැඩි වීමේ රහස ලෙස අපි විශ්වාස කළත් ලොව වැඩිම ආයු කාලයක් භුක්ති විදින කාන්තාවට අනුව එය එසේ නොව සුෂි (බත් සහ අමු මාළු එකතු කර පිළියෙළ කරන ජපාන් ආහාරයකි) සහ පැය 8ක සුව නින්ද ආයු කාලය වැඩි වීමේ රහස බව පැවසේ.
1898 උපත ලද මිසාවෝ ඔකාවා (116) නම් ජපන් ජාතික කාන්තාවක් වන ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කර ඇත. සෑම දිනකම හොඳ ආහාර වේල් 3 ක් ලබා ගත් අතර පැය 8ක සුව නින්දක් ලබා ගත් බව ඇය පැවසීය. එසේම සෑම විටම කි‍්‍රයාශීලීව එදිනෙදා කාර්යන් වල නිරත වූ බවද පැවසීය. වයස්ගත වූ විට කෑම වේලට ඇය පළතුරුද එක් කර ගත්තීය.
දරුවන් තිදෙනෙකුගේ මවක් වන මිසාවෝගේ දියණියක් (92) සහ පුතෙකු (94) පමණක් තවමත් ජීවත් වෙයි.
ඇය වඩාත්ම සතුටු වූයේ විවාහ වූ දිනයේ සහ ඇගේ දරවන් තිදෙනා උපන් දා බවත්, ඇය වඩාත්ම දුක් වූයේ මීට අවුරුදු 83කට පෙර (1931) අගේ සැමියා යුකියෝ ඔකාවා මිය ගිය දින බවත් සඳහන් කළේය.
ජපානයේ කාන්තාවකගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 86 ක් වන අතර පිරිමියෙකුගේ අවුරුදු 79.6 පමණ වෙයි. බි‍්‍රතාන්‍ය පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80 ක් වන අතර දැනට ඔප්පු වී ඇති කරුණු අනුව එහි වැඩිම ආයු කාලයක් ජීවත් වූයේ ප‍්‍රංශයේ ජැනී ලූයිස් (අවුරුදු 122 දින 164) නැමැත්තෙකි. 




-lankadeepa-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.