Sunday, March 30 2025
Breaking News
recent

සිරියානු යානයක් තුර්කිය බිම දමයි




තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය කළ සිරියානු ප්‍රහාරක යානයක් තම හමුදාවන් විසින් බිම හෙලූ බව තුර්කි අගමැති රෙසෙප් ටයීප් එර්ඩෝගන් තහවුරු කළේය.

කෙසේ වෙතත් සිරියාව අවධාරණය කරන්නේ තම යානය තුර්කි ගුවන් සිමා උල්ලංඝනය නොකළ බවය. ඒ අවස්ථාවේදී යානය සිරියානු ගුවන් සීමාවේ පැවති බව ඔවුන් පවසයි.

දේශසීමා පැනීම වැළැක්වීම සඳහා සිරියානු රජයේ හමුදා හා කැරලි හමුදාවන් අතර ගැටුම් පවතින ප්‍රදේශයකදී මෙම සිදුවීම වාර්තා වී තිබේ.

සිරියාව හා තුර්කිය අතර පොදු දේශසීමාවක් පවතින අතර මීට පෙර දෙරට මිත්‍ර රටවල් ලෙස පැවතියද, අසාද් පාලනය පෙරලා දැමීම වෙනුවෙන් කැරලි ඇරඹීමත් සමග දෙරටේ සබඳතා පලුදු විය.


-ada-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.