Sunday, March 30 2025
Breaking News
recent

බසයකින් ඇද වැටී මියගිය දැරියගේ ඡායාරූපයට රියැදුරන්ට කියා වන්දවලා...





බස් රථයක පා පුවරුවෙන් වැටි  හලාවත ප්‍රදේශයේ දී මිය ගිය දැරියකගේ ඡායාරූපයකට බස් රථ රියදුරන් හා සහයකයන් ලවා වැන්දවිමෙ පුවතක් හලාවත ඉලිප්පදෙනියෙන් වාර්තා වේ.
                        ඉකුත් සිකුරාදා (16 වනදා) පෙරවරු‍වේ  කුරුණැගල සිට හලාවත බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකින් පාසලට යන අතරතුර එහි පා පුවරුවෙන් ඇද වැටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඉන් එක් අයෙකු පසුගිය අගහරුවාදා (20 වනදා) කොළඹ ජාතික රෝහලේදි මිය ගියාය.
                       අධික වේගය මෙම අනතුරු වලට ප්‍රධානම හේතුව බව ප්‍රකාශ කරමින් ඊයේ පෙරවරුවේ  ඉලිප්පදෙනිය ගමිවාසින් උද්ඝෝෂණය කල අතර එහිදි වේගයෙන් බස් රථ ධාවනය නොකරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින ලදි. මෙම උද්ඝෝෂණය අවස්ථාවේදි මාර්ගයේ ගමන් ගත් මගි බස් රථ නවත්වා රියදුරන් හා සහයකයන්ට මියගිය දැරියගේ ඡායාරූපයට වැද ගෞරව කර මිට පසු වේගයෙන් ධාවනය නොකරන බවට පොරොන්දුවක්ද  ගන්නා ලදි. 




-pawasamedia-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.