රුසියාව දකුණු ඇමරිකාවේ යුධ කඳවුරු බදී
පසුගිය සතියේදී රුසියානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කණ්ඩායමක් හමුවී දකුණු ඇමරිකානු කලාපයේ මිලිටරි මැදිහත්වීම වර්ධනය කිරීමට සාකච්ඡ කර ඇත.
කියුබාව, වෙනිසියුලාව, නිකරගුවාව වැනි රටවල හමුදා කඳවුරු පිහිටුවීමට මොස්කව් පාලනය විසින් පියවර ගනිමින් තිබේ.
ඩිමොක‍්‍රටික් සෙනෙට් සභික ජෝ ඩොනලි පවසා ඇත්තේ ඇමරිකාවට මැදිහත්විය නොහැකි ප‍්‍රදේශයන්හි රුසියාව ප‍්‍රබල මැදිහත්වීමක් කරමින් සිටින බවයි.
ලතින් ඇමරිකාව තුළ මෙවැනි රුසියානු මැදිහත්වීමක් වසර 30කින් පමණ දැක නැතැයි ඇමරිකානු දක්ෂිණ විධානයේ අණ දෙන නිලධාරි ජෙනරාල් ජේම්ස් කෙලී පවසා තිබේ.
ඇමරිකාවට අතිශය වැදගත් කලාපයකට බලපෑම් කිරීමේ හැකියාව නැතිවී යන බව ඇමරිකානු හමුදා පර්යේෂණ හා විශ්ලේෂණ බුද්ධි මණ්ඩලයක් වන රැන්ඞ් හි ජ්‍යෙෂ්ඨ දේශපාලන විද්‍යාඥවරියක් වන ඒන්ජල් රබාසාගේ අදහසයි.
ක‍්‍රිමියානු ජනමත විචාරණය හා එම ප‍්‍රදේශය රුසියාව හා එක්වීම සමග ඇමරිකා-රුසියානු සබඳතා පළුදු වූ අතර ඇමරිකාව විසින් රුසියානු නිලධාරීන් 27 දෙනෙකුට එරෙහිව සම්බාධක පණවා තිබේ.
No comments:
Post a Comment