Sunday, March 30 2025
Breaking News
recent

ඔස්ට්‍රේලියාවට කර්කශ ගිම්හාන ඍතුවක්..


වයඹ දිග ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් වලට බලපෑ කර්කශ ගිම්මානයෙන් වේලීගිය තෘණ භූමි හරහා තම බැටළු රැළ සරු බිමක් කරා දක්කා ගෙන යන ‍සත්ව ගොවිපොළ හිමියෙක්.
ඔස්ට්‍රේලියාවට මෙවර අත්විදිමට සිදුවී ඇත්තේ කර්කශ ගිම්හාන ඍතුවකි. මේ හේතුවෙන් දැනටමත් උෂ්ණත්ව වාර්තා 150ක් පමණ බිද වැටි ඇතැයි එරට කාලගුණ කාර්යංශය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ඉදිරියේ දි මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වනු ඇතැයි ද එහි අනාවැකි පළකර තිබේ. පර්ත් නගරයේ වැඩිම උෂ්ණත්වයක් සටහන් කළ සෙල්සියස් අංශක 29.7න් යුත් රාත්‍රියත්, ඇඩිලේඩ් නගරයේ උණුසුම්ම අංශක 44 .7ක් වු පෙබරවාරි මාසයේ දිනයත් වාර්තා වි ඇත. මේ අතර සිඩ්නි නගරයට වසර 27 කින් පසුව වියළිම ගිම්හානය බලපා තිබේ.
එම කර්කශ දේශගුණයේ වැඩිම බලපෑම් අත්විදිමට සිදුව ඇත්තේ අඩිලේඩ්, මෙල්බොන් සහ කැන්බරා හි ඇතැම් ප්‍රදේශ වලටයි.
ඔස්ට්‍රේලියාවේ උණුසුම්ම ගිම්හාන ඍතු 10 ක්ම වාර්තා වි ඇත්තේ 1998 න් පසුවයි. මේ අතර පසුගිය වසර 15 තුළ ඉතාම උණුසුම් මාස අත්විදිමට සිදුවීමේ නිරන්තරතාව පස්ගුණයකින් වැඩිවී ඇතැයි ද වාර්තා වේ.



-dinamina-

No comments:

LATEST MOVIES

Total Pageviews

292504

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.