තවත් මැලේසියන් යානයක ගුවනේදී ගින්නක්
නියමුවා නිසා නූලෙන් බේරෙයි
මැලේසියානු පාපන්දු ක්රීඩකයින් පිරිසක් රැගත් මැලේසියාවේ දේශීය ගුවන් සමාගමකට අයත් යානයක පියසර කරමින් තිබියදී හදිසියේ හටගෙන තිබේ. ATR 72-600 නමැති යානයේ එන්ජිමේ හටගත් ගින්න හේතුවෙන් එය ආපසු සෙලංගෝහි සුබෑංග් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට සිදුව තිබේ. යානයේ ගුවන් නියමුවාවහා ක්රියාත්මක වී ගින්න හටගත් එන්ජිම ක්රියාවිරහිත කිරීමෙන් එහිසිටි මගීන්ගේ ජීවිත බේරාගෙන ඇත.
මැලේසියානු පාපන්දු ක්රීඩකයින් පිරිසක් තමන් සහභාගි වූ තරගයක් ජයගෙන ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කළඅතර කිසිවෙකුට අනතුරක් සිදුව නැතැයි පැවසේ.
කෙටිකලක් තුල මෙවැනි අනතුරකට පත් තෙවන යානය මෙය වන අතර මීට පෙරමගීන් 239 දෙනෙකු සහිත MH370 දරන යානය අතුරුදන් වීමෙන් පසු මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.ඉන් පසු තවත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිංගප්පූරුවට හදිසියේ ගොඩබැස්වීමට සිදු විය.

-lakbima-
No comments:
Post a Comment