Breaking News
recent

ඩ්‍රෝන හරහා ඉන්ටර්නෙට්


ෆේස්බුක් විසින් ඩ්‍රෝන, චන්ද්‍රිකා සහ ලේසර් තාක්ෂණයන් භාවිතයෙන් සියලූ දෙනා වෙත අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
Internet.org ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය නාසා ජෙට් ප‍්‍රචාලන පර්යේෂණාගාරය සහ ඒමීස් පර්යේෂණ මධ්‍යස්ථානය වැනි ආයතන වල ගුවන් සේවා සහ සන්නිවේදන විශේෂඥයින් විසින් මෙහෙයවනු ඇති බව ෆේස්බුක් ප‍්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ලොව සෑම පුද්ගලයෙකුටම දැරිය හැකි මිලකට අන්තර්ජාල පහසුකම් ලබාදීම වන තමන්ගේ අරමුණ මේ වන විටත් එය සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවයි.
මේ සඳහා ෆේස්බුක් සමග බි‍්‍රතාන්‍යයේ ඇසෙන්ටා සමාගම එක්ව ඇති අතර එම සමාගමේ නිෂ්පාදනයක් වන සෙෆීර්, ලෝකයේ සූර්ය බලයෙන් වැඩිම දුරක් ගමන් කළ හැකි ඩ්‍රෝන යානාවයි.  නොකියා සහ ක්වාල්කොම් වැනි සන්නිවේදන සමාගම්ද මේ ව්‍යාපෘතිය හා එක්වෙමින් පවතී.
ගූගල් සමාගමද මේ හා සමාන ව්‍යාපෘතියක් වර්ධනය කරමින් ඇති අතර ලූන් ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති එය සූර්ය බලයෙන් ක‍්‍රියාතමක වන බැලූනයන් හරහා අන්තර්ජාල සේවාව සැපයීම ඉලක්ක කර තිබේ.
මේ අතර ඇමරිකානු ටයිටන් ඒරොස්පේස් සමාගම මිලදී ගැනීම කෙරෙහිද සකර්බර්ග්ගේ අවධානය යොමුව ඇතැයි පැවසේ.  ඩොලර් මිලියන 60ක ගණුදෙනුවක් ලෙෂ සැලකෙන එමගින් ෆේස්බුක් වෙත කුඩා ප‍්‍රමාණයේ ඩ්‍රෝන යානා 11000ක් පමණ හිමිවනු ඇත.



-lankacnews-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.