සැත්කම් දෙකකින් කිලෝ 17ක මස් පිඩු මුහුණෙන් ඉවතට
සැත්කම්
දෙකකින්
කිලෝ 17ක
මස් පිඩු
මුහුණෙන් ඉවතට
චීන ජාතික 'හුවන්ග් චුන්ගයිහට' තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ. තිස් හය හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි. මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩිමට පටන්ගෙන ඇත.
මේ වැඞීම කෙතරම් බරපතල ද කියතොත් 2007 වසරේ දී හා 2008 වසරේ දී දෙවතාවක දීම වෛද්‍යවරුන්ට ඔහුගේ මුහුණේ වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදු වුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්‍රෑම් 17 කට ආසන්න බව සදහන්වේ. දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.
තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන් ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි. මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ.
ඔහුගේ මුහුණේ වැඩෙන මස්පිඩුවල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්ද ද දැන් තිබෙණුයේ කුදු වී ගොසිනි. නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැත. ඔහු කෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින්පසුවෙති.
-lankaegossipnews.com-
No comments:
Post a Comment