ලෝකයේ ලොකුම උමං විදින යන්ත්‍රයේ හිරවූ වස්තුව .............
ලෝකයේ විශාලතම උමං විදින යන්ත්‍රය පසුගියදා හඳුනා නොගත් වස්තුවක හිරවීම නිසා නැවතී තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ Seattle ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ අධිවේගී
මාර්ගයක් සඳහා උමඟක් කනිමින් තිබූ යන්ත්‍රය නැවතී තිබුනේ පසුගිය 8 වෙනිදාය.
යන්ත්‍රය හිරවීමෙන් පසුව එහි ඉදිරිපස ඇති පීඩනය අවම කිරීමට එහි තිබූ ජලය
ඉවත්ව යෑමට සැලසූ නමුත් තවමත් යන්ත්‍රය ඉදිරියට නොයන්නේ එය ඉදිරියේ
වින්ඩ්ස්ක්‍රී එකක් හෝ කැමරාවක් නොමැතිව අන්ධයන් සේ හාරමින් යෑමට සිදුව ඇති
නිසා බව පැවසේ.
පොළව මට්ටමේ සිට හාරා බාධකය ඉවත් කිරීමට නොහැකිව සිටින්නේ එම උමඟේ මාර්ගය තිබෙන්නේ පොළව මතුපිට වූ මාර්ගයක් යටින් වීම නිසාය.

තට්ටු පහක ගොඩනැඟිල්ලක් තරම් උසින් යුත් එය පොළව මට්ටමේ සිට අඩි 45ක යටින් හාරමින් යන්ත්‍රයේ ඉදිරියට ගමන් කරන විට ඇතිවන උමඟේ පිටත බිත්තිය සඳහා වක්‍ර කොංක්‍රීට් කැට අතුරාගන යෑම යන්ත්‍ර මඟින්ම සිදුවේ.
2015දී නිමකිරීමට නියමිත දිගින් සැතපු 1.6කින් යුත් මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.3කි. ගලක් වුවද විදගන යාමට හැකි මෙම උමං විදින යන්ත්‍රයේ වටිනාකම ඩොලර් මිලියන 80කි.
නමුත් තවත් බොහෝ දෙනා K5 HD රූපවාහිනී සේවයට අදහස් දක්වමින් පවසන්නේ පැරණි නෞකාවක් හෝ කඩා වැටුණු පිටසක්වල යානයක් හිරවීම නිසා යන්ත්‍ර නැවතුණු බවයි. එම වීඩියෝ පහතින්.
යන්ත්‍රය ක්‍රියාකරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්.
යන්ත්‍රයේ ජායාරූප පහතින්.











උමා ඔය ජල විදුලි ව්‍යපෘතිය සඳහා ද මෙවන් උමං කැනීමේ යන්ත්‍රයක් යොදාගන්නා බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කරන ලදි. අඩි 15ක විශ්කම්භයක් සහිත එම යන්ත්‍රය පිළිබඳ විස්තර පහතින්.
No comments:
Post a Comment