බස් නැවතුමේදී දැකලා බැඳි හාද සිත් සන්තොසින් දුන් චොක්ලට් කෑවාද
දීර්ඝ සති අන්ත නිවාඩුවක් ආරම්භ වන දිනයකි. අගනුවර ප්‍රධාන පුද්ගලික බස්
නැවතුම්‍පොළ ඇවිස්සුණු කඩිගුලක් මෙනි. අතින් කරින් බෑග් උස්සාගත් මගී ජනයා
තම තමන්ගේ ගම් බිම් බලා යන බස් රථ සොයමින් යුහුසුළුව ඊට ගොඩවන්නේ ඇද
වැටීමට ආසන්න වර්ෂාවෙන් බේරී කළුවර වැටෙන්නට කලින් තම නිවෙස් කරා ගොස්
පවුලේ සමීපතමයන් හා එක් වීමේ අභිලාෂයෙනි.
එසේ වූ බාල මහලු, තරුණ ජනයාගෙන් පිරීගිය බස් රථයක් අගනුවරින් ගමන් අරඹුවේ දකුණේ දිසාවේ සිය ගමනාන්තය වූ ප්‍රසිද්ධ නගරයක් කරාය. බසයේ ආසන සියල්ල පිරී ඇති අතර පුළුවන් අය හිටගෙනද සිටියේ පමාවකින් තොරව තම ගමන් පහසුව සලසා ගැනීමේ අටියෙනි.
එම බස් රියේ පිටුපසම ආසනයේ කෙළවරම සිටියේ නවීන මෝස්තරයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී හිරිමල් යෞවනයේ පසුවන යුවළකි. එකිනෙකාට විහිළු කර ගනිමින් තුරුළු වෙමින් ඔවුන්ගේම මිහිරි සිහින ලොවක තනි වී සිටියේ බස් රිය තුළ තවත් මගීන් සිටිනවා යැයි නොසලකමින්ය.
බස් රිය ටිකෙන් ටික අගනුවරින් ඈත් වෙමින් ගමනාන්තය දක්වා ඇදී යද්දී පෙම් යුවළද ඔවුන්ගේ සුරංගනා ලොවේ සැරිසරන්නට විය. එලෙස බස් රථය තුළ ගමන් ගන්නා තවත් එක් පෙම්වතුන් යුවළක් යැයි සිතා අනෙක් මගීන්ද ඔවුන් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීය. මේ වන විට ආසන මත සිටි සමහර අය නින්දට වැටී සිටි අතර පෙම් යුවළ චොක්ලට් පෙත්තක රස බලන්නට විය. එයින් හරි අඩකටත් වඩා තරුණිය විසින් ගිල දැමුවේ සිය පෙම්වතාගේම අතිනි. තවත් ටික වේලාවකදී යුවතිය නිදන්නට වූයේ සිය ගමනාන්තයට තවත් පැයක් හමාරක් ගතවන බැවිනි.
පැය තුනක පමණ ගමනකින් පසු බස් රිය ගමනාන්තයට සේන්දු විය. සියලු මගීන් බස් රියෙන් යුහුසුලුව බසින්නට විය.
එතෙක් වේලා සුවබර නින්දක සිටි යුවතියට ඇය අසල එවේලේ වාඩි වී සිටි මැදි වයස අග්ගිස්සේ සිටි මාතාවක් ඇහැරවන්නට විය. ඇස් ඇර බැලූ ඇය වටපිට බැලුවේ මතෛක් වේලා සිටි සුන්දර සිහින ලොවින් එක්වරම බිමට ඇදවැටුණා මෙනි.
“ඇන්ටි කෝ මෙතන වාඩිවෙලා උන්න අයියා”
ඇය විමසූ අතර ආ ඒ පුතා මට සීට් එක දීලා ළඟ බහිනවා කියලා ඉස්සරහට ගියා. මහලු මවගේ පිළිතුර විය. වටපිට බැලූවත් ඔහු නැත. ගමනාන්තයට කලින් නගරයක ඔහු බැස ගොසින්ය. තරුණියගේ අත ඉබේම වාගේ ගියේ සිය ගෙළ වෙතය. අරුමයකි. මතෛක් කල් සිය ගෙල සැරසූ පවුම් දෙක හමාරේ රන් මාලය තරුණයා විසින් තරුණියගේ ගෙලට බර වැඩි නිසා ගෙලෙන් නිදහස් කරගෙන පලා ගොසිනි. අත් බෑගය පරීක්ෂා කර බලද්දී රු. පන්සියක් ඉතිරි වෙන්න හැර අනෙක් රු. නවදහසද අතුරුදන්ය. කාරණය කාටත් වැටහිණි.
තරුණිය ඇඬූ කඳුළිනි. “ඒ ළමයා ඔයාගේ කවුද? ඒ වන විට බස් රියේ ඉතිරි වී සිටි තලත්තුනා කීප දෙනෙක් ඇයගෙන් විමසීය. අනේ මං අද බස්‍පොළෙදිමයි එයාව අඳුනගත්තේ. අනේ මගේ මාලේ... තරුණිය හඬමින් පවසයි. එවෙලේ දැකලද මේ පැය දෙක තුනට ඔහොම වුණේ... තවකෙක් ඇසීය. තව දවස් දෙක තුනක් ගියා නං ඔය ළමයගේ තව මොන මොන වටිනා දේවල් නැතිවෙයිද දන්නෑ. ඔයින් ගියා මදැයි. දැං පොලිසි ගිහිං පැමිණිල්ලක් දාලාම ගෙදර යන්න. ඉතිරි වූ තලතුනා අයගෙන් ඇයට අවවාද අනුශාසනා ලැබුණු අතර කඳුළු පිරි දෙනෙතින් බස් රියෙන් බට ඇය පොලිසි ගියාද, නිවසට ගියාද දන්නේ ඇය පමණකි.-rivira-

No comments:
Post a Comment