Breaking News
recent

නයිට් ක්ලබ් යන මේනකා....

"පහුගිය දවස්වල නටන්න ගිහින් හිත රිදවා ගත්තා. දෙරණ සිටි ඔෆ් ද ඩාන්ස් විතරක් නෙවෙයි සුපර් ස්ටාර්වලදිත් මගේ හිත රිදුණා. ඒක හැම වෙලාවෙම වෙන දෙයක්... මං හිතන්නේ ඒ මගේ ලැබීම වෙන්න ඇති. නිළියක් වෙලා නම් අවුරුදු දෙකක් විතර ඇති. රංගන ක්‍ෂේත්‍රයට ඇවිත් නම් අවුරුදු හතරක් විතර ඇති.

අලුතෙන් ක්‍ෂේත්‍රයට එන ජනප්‍රිය වී මාව පසුකරගෙන යනවාට ඉරිසියාවක් නෑ.... මට මං ඉන්න තැන ගැන සතුටුයි.





ක්ෂේත්‍රයේ දී නම රැකගන්න එක ලේසි නෑ... මම නම රැකගෙන ඉන්නේ කියල මම හිතනවා... මොකද මම නම කැත වන වැඩ කරලා නෑ.....





මම රණ්ඩුවලට පැටලුනෙත් නෑ..... වෙච්ච අය ඒ ගැන හරියට දන්නවානේ. ඒක මෙහෙම වෙන්නේ මගේ අපල කාලයක්ද කොහෙද? ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා ගහමරා ගන්න එක කොහෙත්ම හොඳ නෑ... එත් වෙච්ච දේ වුණා... ඉස්සරහට ඒ වගේ දේවල් නොවෙන විදියට වැඩ කරන එකයි හොඳ.

යහළුවන්ගේ කොන්ත්‍රාත්වලට අත දාන්න ගියේ නෑ... අහක තියෙන ප්‍රශ්නයක් මගේ ඇඟට ආවා...

තිරයේ හොඳම පෙම්වතා ගැන හරියටම කියන්න බෑ හැමෝම හොඳයි. ඒත් මම හැමදාමත් තිරයේ පරාජිත පෙම්වතියක්.

ඒත් මම තිරයෙන් පිට එක නළුවෙක්ට ආදරේ කළා. ඒත් හීනෙන්වත් ඒ වගේ ආදරයක් නම් එපා...
සැබෑ ආදරය හරිම සුන්දරයි... ඒ සුන්දරත්වය දැන් මම අත්විඳිනවා. මම දැන් සුන්දර ආදරවන්තියක්. ඒ ආදරවන්තයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. වැඩි විස්තර පස්සේ කියන්නම්.

නිතරම Night Club යන්නේ නෑ..... ඒත් යනවා. වැරැද්දක් කරන්න Night Club  යන්නම ඕනෑ නෑ... Night Club  නොගිහින් වැරැදි වැඩ කරන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ වගේම Night Club ගිහින් වැරැදි නොකරන අයත් ඉන්නවා.


ජීවිතේ කරපු මම කරපු ලොකුම මෝඩකම, අනෙක් අයව ඕනෑවට වඩා විශ්වාස කිරීම. නොගැළපෙන අය ආශ්‍රය නිසා මට ප්‍රශ්න ඇති වුණා. වැරැද්දක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් මම මගේ ජීවිතයෙන් ඒ වැරැද්ද මකලා දානවා."








-lankaegossipnews-










No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.