Breaking News
recent

Sex නරබන්නන් අතරේ වැඩිම වාර්තාව නුගේගොඩින්

Sex නරබන්නන්
අතරේ වැඩිම
වාර්තාව
නුගේගොඩින්
 

තොරතුරු ලබාගත හැකි එකම විද්‍යුත් මාධ්‍ය ලෙස ගුවන් විදුලිය කලක් අත්පත් කරගෙන සිටි ජනප්‍රියත්වය පසු කලෙක රූපවාහිනිය වෙත හිමි වූයේ යම්සේද, එලෙසින් රූපවාහිනිය සතුව තිබෙන ජනප්‍රියත්වය ද පරිගණකය විසින් දැන් ක්‍රමයෙන් ඩැහැ ගනිමින් සිටින බවක් දකින්නට ලැබේ. අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක් සන්තකයේ තිබිම වූ කලී, සමහරුන්ට නම් ලොව වටා රිසි සේ සැරි සරන්නට වීසා ලැබුණා හා සමානය.

එහෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස, මීට දශකයකට පමණ පෙර කාලයෙහි දෙමාපියන් රූපවාහිනියට වහ වැටී සිටි තම දරුවන් ඉන් මුදවා ගැනීමට මංසෙව්වා සේ, පරිගණකයට ඇබ්බැහිව සිටින දරුවන් ඉන් ඈත් කරවන්නේ කෙසේදැයි කියා අහස ‍පොළව ගැටලන්නට කල්පනා කරන දෙමව්පියන් ද අද ඕනෑ තරම්ය. කොහොම නමුත්, පරිගණකය යනු ව්‍යාසනකාරී වූවක් නොවූවද, වත්මන් තරුණ පරපුර එයින් නිසි ප්‍රයෝජන ලබා ගන්නවාද යන්න නම් ගැටලු සහගතය. ඉතින්, අප මේ කියන්නට සැරසෙන්නේ ඒ වග සනාථ කෙරෙන පරිදි අපේ රටෙන් ලැබි තිබෙන නවතම සාක්ෂි ගැනය.


දින දර්ශනයට අනුව, අප දැන් සිටින්නේ 2013 වසරේ අග්ගිස්සේය. එබැවින් ගෙවුණු වසරක කාලය තුළ කළ කී දේ ගැන ගුණ දොස් විමසන්නට දැන් කාලය හරිය. එසේ විපරම් කරද්දී හෙළිවන වැදගත් කාරණයක් වන්නේ, 2013 වසරේදී අන්තර්ජාලය ඔස්සේ 'ලිංගිකත්වය' ගැන සොයා ලොව පළමු තැන දිනා සිටින රට ශ්‍රී ලංකාව බවය.


ඒ බව හෙළි කරන්නේ ලොව වැඩිපුරම භාවිතා වන අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය (Search Engine) වන ගූගල් (Google) වබේ අඩවියයි. ගූගල් වබේ අඩවිය විසින් වබේ අඩවි සෙවුම් (web search) පිළිබඳ දත්ත විශ්‍ලේෂණය  සඳහා නිර්මාණය කර තිබෙන 'Google Trends' මගින් නිකුත් කර තිබෙන එම දත්තවලට අනුව මේ වසරේ දී ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි.

එම ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා රැඳී සිටින රටවල් වන්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශයයි.

අපේ රටේ උදවිය ලිංගිකත්වය හා සම්බන්ධ දෑ සෙවීමට වැඩිපුරම උනන්දු වී තිබෙන්නේ වසරේ කවර කාලසීමාවන් හීදීද යන්න ගැනද එකී දත්ත අනාවරණය කරයි. ඒ අනුව ශ්‍රී ලාංකිකයන්ගේ එකී මාදිලියේ සෙවීම් ඉහළ මට්ටමකට පැමිණ ඇත්තේ අප්‍රේල් මස 14 සිට 21 දක්වා වූ සතිය තුළදීය.

කෙසේ නමුදු ශ්‍රී ලංකාව මෙම (අ)ගෞරවය හිමිකර ගත් පළමුවතාව මෙය නොවේ. ශ්‍රී ලංකාව මෙවර එහි පළමු තැනට තේරීපත්ව සිටින්නේ අඛණ්ඩ තෙවැනි වතාවටය. එමෙන්ම සමස්තයක් වශයෙන් ගත් කළ ඉකුත් දස වසරක දත්ත අනුව සලකා බැලුවද ශ්‍රී ලංකාව පසුවන්නේ ප්‍රථම ස්ථානයේ ය.

එසේ වුවද ශ්‍රී ලංකාවට මෙවරද මෙම ලැයිස්තුවේ පළමු තැන හිමිවීම අරුමයක් නොවේ යැයි කියා මෙකී දත්ත වාර්තා පහසුවෙන් බැහැර කරන්නටද නුපුළුවන. මන්ද යත් අපේ රටේ උදවිය ලිංගිකත්වය මුසු වූ දෑ ගැන දක්වන උනන්දුව ගැන ඉන ඔබ්බට ගිය තොරතුරු පවා මෙකී දත්ත වාර්තා මගින් හෙළිකරන නිසාය.

'ගූගල්' වබේ අඩවිය හෙළිකරන එකී තොරතුරු වන්නේ ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ මුල්තැන හිමිකර දීමට වැඩිම දායකත්වයක් සපයා තිබෙන ප්‍රදේශ මොනවාද යන්න ගැනය. එම දත්තවලට අනුව, මේ වසරේදී ශ්‍රී ලංකාව තුළ, අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වය පිළිබඳ වැඩිම සෙවීම් ගණනක් වාර්තා වී ඇති නගරය නුගේගොඩය.




එනම් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ පළමු තැන දක්වා ඔසවා තැබිමට වැඩිම දායකත්වයක් ලැබි තිබෙන්නේ නුගේගොඩ නගරයෙනි. හෝමාගම සහ කොළඹ, ලිංගිකත්වය පිළිබඳ වැඩිපුර සෙවීම් වාර්තා කර තිබෙන අනෙක් නගර වන අතර එවැනි මාදිලියේ සෙවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති පළාත වන්නේ බස්නාහිරය.

මෙලෙස ලිංගිකත්වය පිළිබඳව අන්තර්ජාලය තුළ වැඩිම සෝදිසියක් වාර්තා කර තිබෙන නගරය ලෙස නුගේගොඩ මුල්තැනට පැමිණ ඇත්තේ පළමු වරටය. මීට පෙර වසරවලදී එවැනි සෙවීම් වැඩිපුර වාර්තා වී තිබුණේ කොළඹ නගරයෙනි.

මෙම වසරේ දී එම දත්තවල වෙනසක් දකින්නට ලැබුණත්, මෙම විෂයෙහිලා නුගේගොඩ ප්‍රදේශයෙන් වැඩි ප්‍රතිචාර වාර්තා වීම පුදුමයට කාරණයක් නොවේ යැයිද ඇතැමෙකුට සිතෙන්නට පුළුවන. මන්ද යත් කොළඹ නගරය ආසන්නයේ පිහිටි නුගේගොඩ අද වනවිට තරුණ පිරිස් වැඩි වශයෙන් ඒකරාශී වන ප්‍රදේශයක් වී තිබිම නිසාය.

ඊට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ නුගේගොඩ නගරය  වර්තමානයේ පෞද්ගලික උපකාරක පන්තිද ඇතුළුව අධ්‍යාපන අවස්ථා ඉතා ඉහළ මට්ටමක පවතින නගරයක් වීමය. එමෙන්ම අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ලබාදෙන ආයතනද එහි සුලබය.

එහෙයින් කොළඹ නගරයද පරයමින් නුගේගොඩ මෙවර මුල්තැනට පැමිණ තිබිම එම ප්‍රදේශයේ තරුණ පරපුර වැඩි වශයෙන් එවැනි දෑ වෙත යොමුවීම නිසා වූවක් බැව් උපකල්පනය කිරීම අයුක්තිසහගත නොවේ.

අසභ්‍ය වබේ අඩවි වෙත පිවිසීමට වැට බඳිනු වස් එබඳු දෑ ඇතුළත් වබේ අඩවි අවහිර කිරීමට රජය මුල්වරට පියවර ගත්තේ මීට වසර කිහිපයකට පෙරදීය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අනුව විටින්විට කරන ලද එවැනි අවහිර කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනට තහනම් කර තිබෙන අසභ්‍ය වබේ අඩවි ගණන 1500ක් පමණ වේ.

කෙසේ නමුදු එකී වැට කඩුළු බිඳ දමා තහනම් වබේ අඩවි වෙත පිවිසිය හැකි මං මොනවාදැයි යන්න තාක්ෂණය ගැන දන්නා අයට රහසක් නොවන බැවින් එසේ එවැනි වබේ අඩවි අවහිර කිරීමෙන් මෙකී ප්‍රවණතාවය කෙතරම් දුරට පාලනය කළ හැකි දැයි යන්න විවාද සම්පන්නය

එහෙයින් අසභ්‍ය වබේ අඩවි වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම යනු තරුණ පරපුර බහුල වශයෙන් ලිංගිකත්වය හඹා යෑම මැඩලීම පිණිස ගත හැකි ස්ථිර පිළියමක් ලෙස හඳුන්වන්නට නුපුළුවන.

මන්ද යත් මෙම තත්ත්වය ඉස්මතුව තිබෙන්නේ අන්තර්ජාලයේ වරදක් නිසා නොව අන්තර්ජාලය භාවිතා කරන්නේ කුමන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමටද යන කාරණය මතුවන නිසාය. එහෙයින් තරුණ පරපුරේ ආකල්පමය වෙනසකින් මිස මෙකී ගැටලුවට පිළියම් සෙවීම උගහට බැව් පැහැදිලිය.



more news 

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.