Breaking News
recent

දෙමව්පියන්ගේ හැසිරීම බලා අයිය නගෝ අබු සැමි ඇසුර පවත්වලා

දෙදරුවෝ 
ඇස් සහ මුව
අයාගෙන
බලා ඉදලා......

පියවරුන් තම දියණියන්ව දූෂණය කිරීම සේම මව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන්ට සිදුවිය හැකි අප්‍රමාණ වූ හානිය පිළිබඳ අසන්නට ලැබුණු තවත් එක පුවතකි.

එක් මාපිය යුවළක් රාත්‍රියේ  තම පුතු හා දියණිය නින්දට ගිය පසු ඩී.වී.ඩී. යන්ත්‍රයෙන් අසභ්‍ය චිත්‍රපටයක් (Blue film) නැරඹූහ. එම තැටිය ඩී.වී.ඩී. යන්ත්‍රයෙන් පිටතට ගෙන සඟවා තැබිමට දෙදෙනාටම අමතක වූ අතර රූපවාහිනීය නිවා දමා ඔවුහු නින්දට ගියහ. පසුදින එම යුවළ රැකියාවට පිටවත්ව ගියේ ද  තැටිය ඩීවීඩී යන්ත්‍රයේ  තිබියදීම ය. ඒ උදේ  කලබලයෙන් සූදානම් වෙද් දී  ඔවුනට  එය අමතක වීම නිසා ය.


මේ යුවළගේ පුතු දාහත් හැවිරිදි වූ තරුණයකු වූ අතර දියණිය පහළොස් වෙනි වියේ පසු වූවා ය. පාසල නිම වී නිවසට පැමිණ දිවා ආහාර ගෙන රූපවාහිනිය නැරඹීමට සූදානම්ව එය ක්‍රියාත්මක කිරීමේ දී වීඩියෝ යන්ත්‍රය ද ක්‍රියාත්මක විණි.

එකවරම රූපවාහිනී තිරයෙන් දිස් වූයේ ඉහත කී අසභ්‍ය චිත්‍රපටයයි. ජීවිතයේ  මුල් වතාවට දකින එම දර්ශන දෙස මේ දෙදරුවෝ  ඇස් සහ මුව අයාගෙන බලා සිටියහ. නව යොවුන් වයසේ සිටි ඔවුන්ගේ හැඟීම්  එම දර්ශන නිසා උද්දීපනය වීම සිදු වූ අතර එහි ප්‍රතිඵලය වූයේ අයියා සහ නංගී එක්ව එම  චිත්‍රපටයෙන්  දකින  දෑ අත්හදා බැලීම ය. එහි දී නොදැනුවත්වම අයියා අතින් නංගී දූෂණය විය. එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කවුරුන් ද...? මේ දරුවන් දෙදෙනාගේ මාපියන් නොවේ ද....?


සමාජය තුළ මේ පවතින විශේෂයෙන් පියවරුන් තම දියණිවරුන්ව දූෂණය කිරීමේ ප්‍රවණතාවට බලපාන සමාජ විද්‍යාත්මක එක හේතුවක්  ලෙස මව්වරුන්  මැදපෙරදිග  රැකියා  සඳහා යෑම ය.

මව නිවසේ නොමැති විට පවු‍ලේ යුතුකම් ඉටු කරන්නේ වැඩිමහල් දියණියයි. මෙහි දී එම දැරියගේ  ද හිස මත තම නිවස හා පියාත් බාල සහෝදරයන් පිළිබඳවත් මහා වගකීම් සම්භාරයක් පැවරෙන අතර එනිසාම ඇය මනසින් වයසට වඩා මුහුකුරා ගිය වැඩිහිටියකු බවට පත්වේ.


මෙලෙස බිරිඳගෙන් විය යුතු ක්‍රියාකාරකම් ඉටුකරන දියණියව, හැන්දෑවට බිමත්ව නිවසට පැමිණෙන පියාට පෙනෙන්නේ දියණියක් ලෙස නොව බිරිඳක  ලෙස ය. ඒ අනුව ඇතැම් පියවරුන් තම දියණිය මෙලෙස අපයෝජනය කිරීමට පෙළඹෙනු ඇත.

තවත් කරුණක් වන්නේ පියවරුන්ගේ  මත්ද්‍රව්‍ය භාවිතයයි.

ලිංගික සංස්කෘතියේ මෑත කාලයේ ඇති වී තිබෙන වෙනස්කම් ද මෙබඳු අපරාධවල සම්භාවිතාව වැඩි වීමට බලපෑ  තවත් හේතුවක් බව වැල්ලවත්ත  මහතා අවධාරණය කරයි. එය වැඩිදුරටත් ඔහු විස්තර කළේ මෙලෙසිනි. මේ වෙනස්කම් අතර ප්‍රධාන තැනක් ගන්නේ ලිංගිකත්වය පිළිබඳව ඇති වී තිබෙන  ලිහිල්භාවයයි.



මේ වන විට සමාජය තුළ ලිංගිකත්වය  ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. අන්තර්ජාලය තුළ වගේම ඉන් පිටතත් සංසරණය වන කාමුක චිත්‍රපට ආදිය මෙහි කොටසක්. එවැනි තත්ත්වයක් තුළ ලිංගිකත්වය නිසා ඇති වන කායික  මානසික නොසන්සුන් බව පිට කර හැරීමට ක්‍රමවේද නැහැ.


ලිංගික සේවා සපයන්නියක් ඇසුරු කිරීම එනම් ගණිකාවන් ඇසුරු කිරීම හැම පිරිමියකු විසින්ම කරන දෙයක් නොවෙයි.

සංස්කෘතිය විසින් මිනිසුන්ව  ලිංගිකව ආරක්ෂා කිරීමට දරනු ලබන උත්සාහය වැඩිවන්නට වැඩි වන්නට ලිංගිකත්වය පිළිබඳ ප්‍රවණතාවය මතුවීමද වැඩියි. ඒවා පිට කිරීමට අන්තිමේ දී උත්සාහ කරන්නේ  තමන්ගේම නිවස තුළින්. පියා දියණියව දූෂණයට ලක් කිරීම එහි ප්‍රතිඵලයක්.

එනිසා මෙයට ඇති එකම ප්‍රතිකර්මය නීතියෙන් දඬුවම් පැමිණවීම පමණක් නොව, දඬුවම් කිරීම යනු යම්කිසි ක්‍රියාවකට දෙනු ලබන පිළිතුරකි.

නමුත්  වඩා උනන්දු විය යුත්තේ එම ක්‍රියාව නතර කිරීම සඳහා පියවර ගැනීමටය. එනිසා පියා සතු පවු‍ලේ භූමිකාව, පියාගේ තත්ත්වය , දරුවන් සහ බිරිඳ යනු කවුද වැනි කරුණු පිළිබඳව සෑම පියකු තුළම නිසි වැටහීමක් තිබිය යුතුය. පිය පදවියේ නියම ගරුත්වය ආරක්ෂා වන්නේ  එවිටය.-lankaegossipnews-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.