Breaking News
recent

තුන්වැනි අධිවේගය ලබන මස ජනතා අයිතියට




මෙරට තුන්වන අධිවේගී මාර්ගය වන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ පළමු අදියර වන කොට්ටාව - කඩුවෙල මාර්ගය ලබන මස ජනතා අයිතියට පත් කරනු ලබන බව වරාය මහාමාර්ග හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සිළුමිණට කීය. අදියර තුනකින් යුක්තව ඉදිවන මෙම මාර්ගයේ කොට්ටාව - කඩවත මාර්ගය ද මේ වන විට 80% ක පමණ වැඩ අවසන් වී ඇත. එමෙන්ම කඩවත කෙරවලපිටිය මාර්ගයේ ද වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලැසුම් යොදා ඇත.
කොට්ටාව - කඩුවෙල මාර්ගය සඳහා බිලියන 25 ක පමණ මුදලක් වැය කර ඇති අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 11 කි. මෙරට ඉදිවන දිගම ගුවන් පාලම් මාර්ගය ද සහිතව ඉදිවන මෙම මාර්ගයේ මහවැව ප්‍රදේශයේ කිලෝමීටර් 3.3 ක ගුවන් මාර්ගයක් ඉදිකර ඇත.
කොට්ටාව - කෙරවලපිටිය අතර සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 29.1 ක් වන අතර මේ සඳහා වැය කෙරෙන මුදල බිලියන 136 කි. එය කෙරවලපිටියේදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයටත් කොට්ටාවේදී මාතර අධිවේගී මාර්ගයටත් සම්බන්ධ වනු ඇත.(silumina)

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.