Friday, August 22 2025
Breaking News
recent

‘කොට නිලන්ති’ ‘ගයියා’ පාළු නිවසකදී අත්අඩංගුවට..

හොරොයින් ජාවාරම්කාරියක වන කොට නිලන්ති’ හා ගෙවල් බිඳුම් කළ බව කියන ගයියා’ පසුගිය දා කෙට්ටාව නගරයේ පාළු නිවසකදී අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හොරොයින් ජාවාරමේ යෙදෙන බවට සැක කෙරෙන කොට නිලන්ති හෙවත් ටි. ටී. නිලන්ති ධනුෂ්කා ප්‍රනාන්දු හා ගෙවල් බිඳුම්කළ බවට සැක කෙරෙන ගයියා හෙවත් එම්. ජී. ගයාන් අසංකය. මොවුන් දැනට බන්ධානගාර ගතව සිටින වර්ණකුමාර්ගේ අනියම් බිරිඳ හා ගෝලයෙකු බවද පොලිසිය සොයාගෙන ඇත. කොට්ටාව නගරයේ පාළු නිවසක හොරොයින් පැකට් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට පත්වූ බව පොලීසිය පවසයි. විසිපස් හැවිරිදි නිලන්ති ධනුෂ්කා දෙදරු මවක්වන අතර ඉතා තරුණ වියේදීම මත්කුඩුවලට ඇබ්බැහිවීමෙන් මෙම ජාවාරමට සම්බන්ධවී ඇති බවත් පොලිසිය පවසයි. ගයියා හෙවත් ගයාන් අසංක තිසහැවිරිදි එක්දරු පියෙකි. ඔහු මීට මසකට පමණ පෙර ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් කළුතර පොලීසියෙන් අත්අඩංගුවට ගෙන කළුතර බන්ධනාගාර ගතකර ඇති වර්ණකුමාර් නානුගලගේ ගෝලයෙකි. කොට නිලන්ති සපයන ඔත්තුවලට අනුව වර්ණ කුමාර් සමග ගයියා දිවා කාලයේදී නිවාසවලට ඇතුල්වී සොරකමේ යෙදී ඇති බවට පොලීසිය කරුණූ අණාවරණය කරගෙන ඇත. මෙලෙස මොවුන් විසින් කොට්ටාව, පිළියන්ඳල, මොරටුව ආදී ප්‍රදේශවල ගෙවල් බිඳුම් රැසක් සිදුකර ඇත.
සැකකරුවන්
විසින් උකස්කර තිබියදී හා විකූණා තිබියදී නිවාස හයක් බිඳ සොරාගන්නා ලද ලැප්ටෝප් පරිඝනක තුනක් අඟල් 24 එල්.. ඩී. රූපවාහිණී යන්ත්‍රයක් ඇතුළු රුපවාහිණී යන්ත්‍ර දෙකක්, ඩී.වී. ඩී. යන්ත්‍රයක්, පරිඝනක උපාංග හා මුදු 4ක් සමග කරාඹු ජෝඩු 3ක්ද සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙ සියලු දේපල වල වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වනු ඇති බවද පොලීසිය පවසයි. සැකකරුවන් සිකුරාදා (06) වැනිදා නැවත හෝමාගම මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණ
.

( lakbima )

No comments:

LATEST MOVIES

Total Pageviews

297159

Blog Archive

Search This Blog

Song

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.