මේ වසරේ රූ රැජිණ කිරුල මරියා ගැබ්රියෙලා අයිස්ලර් අතට...
මේ වසරේ
රූ රැජිණ
කිරුල
මරියා
ගැබ්රියෙලා
අයිස්ලර් අතට
පසුගියදා රුසියාවේ මොස්කව් නුවරදී පැවැති ලෝක රූ රැජින 2013 තරගාවලියේදී ජයග්‍රහණයේ කිරුල පැළඳියේ වෙනිසියුලාවේ "මරියා ගැබ්රියෙලා අයිස්ලර්"ය. මොස්කව් හි ක්‍රෝකස් ශාලාවේ පැවති මෙම 2013 ලෝක රූ රැජින කිරුල දිනූ මේ සුරූපිනිය කවුද....? බොහෝ දෙනා අද ඇය ගැන කතාවන්නේ වෙනිසියුලාවේ තැනැත්තියක ලෙස වුව ද, එතැනින් එහාට ගිය පවුල් පසුබිමක් ඇය සතුය.
ලංකා ඊ ගොසිප් නිව්ස් අප ඇය පිළිබදව තොරතුරු සොයා බැලීමට උනන්දු වුයේ ඩ ඒ නිසාවෙනි. අති ශුද්ධ සුරූපී තැනැත්තියක ලෙස අද බොහෝ දෙනාගේ ආකර්ශණයට නතු වූ 2013 ලෝක රූ රැජින වන ඇය ගැන ලංකා ඊ ගොසිප් නිව්ස් තුලින් ඉදිරිපත් කරනු ලබන විස්තරයකි මේ.
රටවල් 85 ක පමණ සුරූපිනියන් අතරින් ලෝක රූ රැජින වූ ඇයගේ සම්පූර්ණ නම වන්නේ "මරියා ගැබ්රියෙලා ඩි ජේසන් අයිලර්"ය. වෙනිසියුලාවේ බොහෝ දෙනා අතර, මොරාල්ස් නමින් ද ඇය ප්‍රකට ය. 1988 අපේ‍්‍රල් 21 වැනිදා ඇය උපන්නේ වැලෙන්සියාවේ කැරාබොබෝවලදී ය. ඉගෙනීම සඳහා ඇයට මරානෝ වලට යාමට සිදුවිණි.
මරියා ගැබ්රිඑලා තම උසස් අධ්‍යාපනය හමාර කළේ කළමනාකරණය හා අලෙවිකරණ උපාධිය ලබමිනි. ඉන්පසුව විලාසිතා නිරූපන ක්ෂේත්රයට පැමිණීමට පෙර ඇයට රැකියාවක් කිරීමට අවශ්‍ය විය. ඒ තම ස්වෝත්සාහයෙන් නැගී සිටීම වෙනුවෙනි. තම පරපුරේ පිය පාර්ශ්වය පැවැත එන්නේ ස්විට්සර්ලන්තයෙනි. ඇයගේ පියා ජුආන් අයිස්ලර් ලෙන්ග්මන් ස්විස්ටර්ලන්තයේ ලූසානයේ ආගමන පාලක වරයාගේ පුතා ය. එනිසා අවැසි නම් ඇයට වඩාත් සුව පහසු ජීවන රටාවක් වෙනුවෙන් එහි යාමට අවකාශ උදා වුණි.
එහෙත් මේ සියලූ දේ කිරීමට පෙර උපාධියට සරිලන රැකියාවක් ලැබෙන තෙක් ඇය පුද්ගලික ආයතනයක රැකියාවකට ගියා ය. එහි දී ඇයගේ රාජකාරිය වූයේ තෑගි පාර්සල් කිරීම ය. මේ තෑගි ගන්නේ කුමකටද....? එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද....? ඇය ත්‍යාග ඔතා දුන්නේ ග්රාහකයාගේ එම අදහස් වලට අනුව ය.
මේ නිරහංකාර සුරූපිනිය විලාසිතා ලෝකයට පිවිසියේ තම මවගේ අඩිපාරේ යමිනි. එනම් ඇගේ මව නිරූපිකාවක බව ද ලංකා ඊ ගොසිප් වෙත දැනගන්නට ලැබුණි.
ජාත්‍යන්තර නිරූපණ ක්ෂේත්රයේ උපදේශකයකු ලෙස ප්‍රකට "කි්රිස්ටෝපර් ඇරෙන්ඩන්" යටතේ තමා බොහෝ දේ උගත් බව ඇය ගෞරවයෙන් සිහිපත් කරන්නී ය. උපාධිය ලබා සිටි මරියා ගැබ්රිඑලා වෙනිවිෂන් ටීවී නාලිකාවේ රැකියාවක නිරත වූවා ය. නිරූපණ ක්ෂේත්රයට පැමිණීමත් සමඟ වැඩි කල් නොගොස් ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ගැනීමට අයට හැකි විය.
ඇයගේ ඊළඟ පිම්ම වූයේ වෙනිසියුලාවේ රූ රැජිණ තරග සඳහා ඉදිරිපත් වීම ය. ඒ අනුව, 2012 වෙනිසියුලාවේ රූ රැජින කිරුළ හිමිවුණේ ද ඇයට ය. එම කිරුළ සමඟ එරටේ පැවැත් වූ රූ රැජින තරග ත්‍රිත්වයකම කිරුළ දරන්නී ය. 2013, ලෝක රූ රැජින තරගාවලියේ අවසාන වටයේ දී ඇය හට ලැබුණු ප්‍රශ්නයකට ඇය පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
කුමක් ද ඔබට තිබුණු ලොකුම බිය....? එය අභිබවා යන්න ඔබට තිබූ දැක්ම මොනවගේ ද....?
‘"බිය කියන්නේ අසුබවාදී දෙයන් නොවෙයි. එය අභිබවා යාමට නම් අපට ආත්ම ශක්තියක් තිබෙන්න ඕනෑ.... එවිට ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකියි."
එලෙසින් පිළිතුරු දුන් ගැබ්රිඑලා නරඹන්නන්ගේ සිත් ඇදගත්තේ සුන්දර වදන් නිසාම නොවේ. මෙම ලෝක රූ රැජින තරගාවලියේ දී ඇය ඇඳි විලාසිතා වලට නරඹන්නෝ වශී වූහ. ඇයගේ 'ටිවි ටයිනි බිකිනි' නැටුමට බොහෝ දෙනා වසඟ වූහ.
දිගු ගවුම් විලාසිතා මෙන්ම රිදී පැහැයෙන් නිම වූ ගවුම (අවසන් මොහොතේ ඇඳි) කාගෙත් සිත් ගත් විලාසිතා විය. උස අඩි 5 යි අඟල් 10 ක් වන මේ සුරූපිනිය වසර හයක් ඇතුළත දී පිට - පිටම වෙනිසියුලාවෙන් බිහි වූ තෙවැනි ලෝක රැජින වන්නී ය. ලෝක රූ රැජින තරග ඉතිහාසයේ දී (වසර 13 ක් පුරා මේ දක්වා පැවැත් වූ) වෙනිසියුලාවෙන් ලෝකයට සුරූපී ඇය සමග සත්දෙනෙකු දාය ද වී ඇත.
වෙනිසියුලාවේ නිරූපිකාවක මෙන්ම ස්විට්සර්ලන්තයේ නිරූපිකාවක ලෙස ද කටයුතු කරමින් සිටි මේ සුන්දර කිරිල්ලියට ලෝකය වටේ යාමට අවකාශය ලැබී තිබේ. විලාසිතා ලෝකයේ බොහෝ දෙනා ඇයට 'මෝලි' කියාද හඳුන්වති. මෙම සුරූපී මෝලි වඩාත්ම ගරුකරන චරිතය වන්නේ තම මව ය.
"සෑම ගමනාන්තයකදීම හමුවීමක් ඇත."යන්න ඇයගේ මව ඇයට සිහිපත් කළ දේ ඇය නිතර විශ්වාස කළා ය.
සුරූපී මරියා ගැබ්රිඑලාට වෙනිසියුලාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ද පුරවැසිභාවය ඇත. මේ නිසාම සමහරු ඇයට කියන්නේ බාගයක් වෙනිසියුලාවේ - තවත් බාගයක් ස්විට්සර්ලන්තයේ යනුවෙනි. ඒ අනුව මේ සුරූපිනියගේ මේ ලෝක කිරුළ අයත් වන්නේ, වෙනිසියුලාවට පමණක්ම නොවන වග සඳහන් කළ හැකි ය.
මරියා ගැබ්‍රියෙලාගේ සුන්දර ඡායාරුප රැසක් පහතින් නරබන්න.
No comments:
Post a Comment