Breaking News
recent

පියයුරු රැකගන්න සූර්යයාට පෙන්නන්න...Cure for Breast cancers



පියයුරු රැකගන්න
සූර්යයාට
පෙන්නන්න

Cure for Breast cancers


Cure for Brea
Cure for Breast cancers
Cure for Breast cancers
Cure for Breast cancers
දිනපතා විටමින් ඞී මාත‍්‍රාවක් ගැනීමෙන් කාන්තාවන්ට පියයුරු පිළිකාවෙන් වැළකී සිටිය හැකියැයි මහාචාර්ය කෙපා මුක්ඛෙල් ප‍්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි. ඔහු බි‍්‍රතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් වරයාට දන්වා ඇත්තේ හිරු නැග එන අවස්ථාවේ විටමින් ඞී ලබාගන්නා ලෙස රෝහල්ගතව සිටින කාන්තාවන්ට පැවසීමෙන් පමණක් වාර්ෂිකව දහසකගේ ජීවිත බේරාගත හැකි බවයි.
Cure for Breast cancers

මහාචාර්යවරයා පවසන්නේ පිළිකා රෝගය හඳුනා නොගත්ත ද සියළුම කාන්තාවන් විටමින් ඞී ගත යුතු බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ පිළිකා සෑදී නැතත් වයස අවුරුදු 20 ඉක්මවූ සෑම කාන්තාවක් ම විටමින් ඞී ගැනීමෙන් පියයුරු පිළිකාවලින් ඈත්ව සිටිය හැකියි. විටමින් ඞී වැඩි ප‍්‍රමාණයක් සිරුරේ පවතින විට පිළිකා සෛල පරාජය වන බව තහවුරු වනවා. ’’

බි‍්‍රතාන්‍යයේ සෑම කාන්තාවන් 50,000ක් අතරින් එක් අයෙක් පියයුරු පිළිකාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. බි‍්‍රතාන්‍යයේ පියයුරු පිළිකාවලින් වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 12,000කි.

මහාචාර්ය මොක්ඛෙල් පවසන්නේ විටමින් ඞී සිරුරට එක්වීමෙන් සිදුවන්නේ නිරෝගී ශක්තිමත් අස්ථි පද්ධතියක් ලැබීම වුව ද ඉන් ශරීරයේ ප‍්‍රතිශක්තීකරණ කි‍්‍රයාවලිය මෙන් ‍සෛල විභේදන කි‍්‍රයාවලිට ද වැඩිදියුණු කරන බව මේ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදායේ මහජන සෞඛ්‍ය පිළිබඳ හාර්වඞ් පාසලට අනුව විටමින් ඞී ඌනතාවයෙන් පෙළීම ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග, ඇතැම් පිළිකා සහ විවිධ ශරීර පටක ඝනවීම් වැනි නිදන්ගත රෝග ඇතිවීමට හේතුවක් වේ. එමෙන්ම ක්ෂය රෝගය සහ බෝවන උණ රෝග වැළඳීමේ අවදානම ද ඉහළ යයි.

මහාචාර්ය මැක්ඛෙල් සිදුකළ පර්යේෂණයෙන් පෙනී ගොස් ඇත්තේ විටමින් ඞී හේතුවෙන් පිළිකා සෛල සාමාන්‍ය සෛල බවට පත්වන බවයි. තව ද ප‍්‍රතිශක්තීකරණය වැඩි වන බව ද ඔහු පෙන්වා දී ඇත.

2008 වර්ෂයේ කැනඩාවේ කළ පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ පිළිකා රෝගීන් අතරින් සිරුරේ වැඩි විටමින් ඞී ප‍්‍රමාණයක් තිබූ රෝගීන් මරණයට පත්වූයේ එසේ නොතිබූ රෝගීන් හා සන්සන්දනය කිරීමේ දී අඩක ප‍්‍රමාණයක් බවයි. නෝර්වේ රාජ්‍යයේ සහ ජර්මනියේ කරන ලද අධ්‍යයනයකින් ද එම ප‍්‍රතිඵලය ම ලැබී ඇත.

බි‍්‍රතාන්‍යයේ පිළිකා පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ජෙසිකා කර්බයි මහාචාර්ය මැක්ඛෙල්ගේ මතය හා එකඟ වන්නේ නැත. ඇය පවසන්නේ සිරුරේ ඇති විටමින් ඞී ප‍්‍රමාණය පියයුරු හා සම්බන්ධතාවක් නොදක්වන බවයි.

කෙසේ වෙතත් දකුණු ලන්ඩන් නගරයේ ශාන්ත ජෝර්ජ් රෝහලේ කාන්තාවන්ට විටමින් ඞී පෙති සැපයීමට පවුම් මිලියන සියයක් වසරකට වෙන්කර ඇත.
පර්යේෂකයන් පවසන්නේ බැලේ නාට්‍යාංගනාවන් මේ පර්යේෂණයේ තත්ත්වය මනාව පැහැදිලි කරන බවයි.

බැලේ නැටුම්වල යෙනෙ කාන්තාවන් ඇට දිරීමේ රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට විටමින් ඞී ආරක්ෂාව ලබාදේ.

පර්යේෂකයන් පවසන්නේ ඇට දිරීම වැළැක්වීමට පමණක් නොව බැලේ නැටුම් නටන කාන්තාවන්ගේ ආපසු පැනීමේ පිණුමට ද මේ විටමින් ඞී උපකාරීවන බවයි.

විටමින් ඞී මාස කිහිපයක් පානය කිරීමෙන් පසු ඔවුන්ගේ පිම්ම සෙන්ටි මීටර තුනකින් ඉහළ ගිය බව පර්යේෂකයන් අධ්‍යයනය කැර ඇත.

ඔවුන් පවසන්නේ විටමින් ඞී නාට්‍යාංගනාවන්ගේ පාදවල ශක්තිය පස් ගුණයකින් පමණ වැඩිකරවන බවයි.
විටමින් ඞී යනු හිරු එළියෙන් නොමිළයේ ම ලබාගත හැකි දෙයකි. -.gossiplankaz.com-

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.