Breaking News
recent

මතෛක් බිහිවූ දිගුම ලී කැටයම නිර්මාණය ගිනස් වාර්තා ‍පොතට




චීනයේ වෙසෙන අතිශය ප්‍රකට ලී කැටයම් ශිල්පියකු වන ‘ෂෙන්ග් චුන්හුයි’ විසින් ලොව එතෙක් මතෛක් බිහිවූ දිගුම ලී කැටයම නිර්මාණය කරමින් ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වී තිබේ. අඩි හතළිහක් දිගු වූ තනි දැව කොටයක් වසර හතරක් මුළුල්‍ලේ ඉතා සීරුවට කැටයම් කරමින් සිදුකළ මෙම 16-2මනරම් නිර්මාණයෙන් පිළිබිඹු කෙරෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ චිත්‍රයක් වන ‘චින්මින් උත්සව සමයේදී නදිය අසබඩ’ (Along and River During the Quingming Festival) නැමැත්තේ අනුරුවකි.
වසර දහසකටත් එපිටදී සිතුවම් කෙරුනු මෙම සුප්‍රකට චිත්‍රයේ විවිධාකාර අනුරූ විවිධ මාධ්‍යයන් යොදා ගනිමින් නිර්මාණය කෙරුනද ඒ සියල්ලම අතරින් වඩාත්ම නෙත් සිත් පැහැර ගන්නා ආකර්ෂණීයම ප්‍රතිනිර්මාණය ලෙස සැලකිය හැක්කේ චුන්හුයිගේ දැව කැටයම බවට සැකයක් නැත. මීට වසර දහසකට එපිට අතීතයේදී පැවැති චීනයේ ජන ජීවිතයේ විවිධ පැතිකඩවල් ඉතා අපූරුවට පිළිබිඹු කරන මෙම සංකීර්ණ කැටයමේ මිනිස් රූප පන්සිය පනහකට අමතරව බෝට්ටු, පාලම්, ගොඩනැගිලි ආදියද රාශියක් වේ. මේ කැටයම සඳහා මූලාශ්‍ර කරගන්නා ලද 12.286mක දිගකින්ද, 3.075mක උසකින්ද, 2.401mක පළලකින්ද සමන්විත ‘චීනයේ මෝනාලීසා’ යන අන්වර්ථ නාමයෙන්ද 16-3හැඳින්වෙන මෙම මුල් චිත්‍රය චිත්‍ර ශිල්පී ‘ෂැන්ග් සෙඩුආන්’ විසින් සාන්ග් රාජවංශය පැවැති සමයේදී පින්තාරු කරන ලද්දකි. වටිනාකම ගිනිය නොහැකි දැවැන්ත ඓතිහාසිකමය වැදගත්කමකින් යුතු මෙම චිත්‍රය එහි දිගු භාවය කරණ කොටගෙනම සකසා ඇත්තේ ක්‍රම ක්‍රමයෙන් දිග හරිමින් නැරඹිය යුතු ආවර්තිත පිටපතක් (Scroll) ආකාරයටය. ඒ ඇසුරින් නිර්මාණය කෙරුනු ෂෙන්ග් චුන්හුයිගේ මෙම දැව කැටයම ලොව දිගුම දැව කැටයම ලෙස පසුගියදා ගිනස් වාර්තා ‍පොතට ඇතුළු වන ලද්දේද සුවිශේෂී දිනයකදීය. ඒ ගිනස් ‍පොත ලොව වඩාත්ම අලෙවියක් සහිත ප්‍රකාශන හිමිකම් සහිත කෘතිය බවට පත්වූ දිනය සමරනු සඳහා පැවැති වැඩසටහනකදීය. එහිදී මෙම දැව කැටයමට අමතරව තවත් සුවිශේෂී ආකාරයේ වාර්තා පිහිටුවීම් හා වාර්තා බිඳ හෙළීම්ද සිදුකෙරිනි. ඒ අතර එකවිට වැඩිම සැහැල්ලු කවයන් (හුලා හුප්) සංඛ්‍යාවක් කරකැවීම, මිනිසුන් තුන්සිය විසිපස් දෙනකු පෙන්ගුයින් පක්ෂීන් මෙන් සැරසීම, මුහුදු පත්‍ලේදී ගිලින ලද වැඩිම කඩු සංඛ්‍යාව, දැවැන්තම පීසා පෙට්ටි එකතුව වැනි අසාමාන්‍ය අන්දමේ ගිනස් වාර්තාවන්ද විය. ඒ සියලු වාර්තා අතරින් අග්‍රගණ්‍ය ස්ථානයක් හිමිකර ගන්නා චුන්හුයිගේ දැව කැටයම බිජිං නුවර පැලස් මියුසියම් හි ප්‍රදර්ශනය කෙරේ.

No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.