Breaking News
recent

අයුතු යෝජනා හා ලිංගික බලපෑම් ................












ලව්ටෝක්
එකක්
දැම්මොත්
ෆෝන් එක
හිමින්ම
කට් කරනවා 





රංඟනයට මෙන්ම නර්තනයට එක හා සමාන දක්ෂතා ඇති ඇය ඉතා ජනප්‍රිය නිළියක් ලෙසින් මල් දෙවට, මොණරතැන්න, වැහිළිහිණි‍ , සිඳංගනාවෝ යන නාට්‍ය වල ඉතා දක්ෂ ලෙස රඟනයෙන් දායක වූ ඇය ඔබ කවුරුත් හොදින් දන්නා මේනකා පීරිස් ය.

රංගනයට ප්‍රවිෂ්ඨ වෙන්න ඇයට මුලික අඩිතාලම වැටෙන්නේ ඇගේ නර්තන හැකියාව හරහා ය. ඒ අනුව ඇයට ඇගේ තෙවැනි රංගනයේ දී ප්‍රධාන චරිතයේ භූමිකාව කරන්නට අවස්තාව උදා වුණි. ඒ මොණරතැන්න ටෙලිනාට්‍යයේදී ය.මේනකා දැන් ටෙලි ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියකි.ඉතින් මෙවන් රුවත්තියකට අයුතු බලපෑම්, අනිසි යෝජනා මෙන්ම දුරකථනය හරහා එන විවිධ යෝජනා බොහෝ සෙයින් තිබෙන්නට පුළුවනි.

මේනකාටත් එවැනි යෝජනා ඇවිත් තිබෙනවා ද? ඒවාට ඇය මුහුණ දුන්නේ කොයි විදිහටද? යන්න පිළිබදව සොයාබැලීමට අප සිතුවෙමු. මේනකා නර්තනයෙන් කලඑළි බහින්න සූදානම් වෙනවාලු... පසුගිය දිනක මාධ්‍ය හමුවක් හා එක වූ ඇය ඒ පිළිබදව ද පවසා සිටියා ය.









"නර්තනය කියන්නේ මගේ ජීවිතේ නැටුම් නැත්නම් අද මේනකා පීරිස් කියා කෙනෙක් නෑ..... මොකද නර්තනය නිසා තමයි. මට රංගනයට පාර කැපුණෙත්. පසුගිය කාලයේ මට නර්තනයෙන් ලබාගන්න තිබූ විභාග සියල්ල අවසන් කළා. මගේ ලොකුම ආසාව තිබුණු කළඑළි බැස්ම හැමදාම කල්ගියා.




ලබන ජනවාරි මාසයේ 25 වැනිදා 'බෙල්ලන්විල රජමහා විහාරයේ' දී මාත් සමඟ තවත් 25 දෙනෙක්ගේ කළඑළි මංගල්‍යය පවත්වනවා. 'කලාභූෂණ සිරිනාම තල්ගහගොඩ' ගුරු පියාණන් යටතේ තමයි එය සිදුවන්නේ. මේ දවස්වල ඒ වෙනුවෙන් පේවෙලා පුහුණු වීම් කරගෙන යනවා. පුදුම ආශාවකින් කරන්නේ. මෙය මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක්.


මේ හින්දා විදෙස් සංචාරයකුත් අවලංගු කරන්න සිදුවුණා. කලාකරුවන් කිහිප දෙනෙක්ගේ ප‍්‍රසංගයක ජනවාරි 15 වැනිදා සිට 30 වැනිදා දක්වා  'ඕස්ටේ‍්‍රලියාවේ' යන්න ලෑස්තිවෙලා හිටියේ.

ඒක මීට කාලයකට පෙර දැනුම් දුන් එකක්. නමුත් හදිසියේම මගේ නර්තන කළඑළි මංගල්‍යයත් ඒ දවස්වලම යෙදිලා. ඒ හින්දා 'ටුවර්' එකෙන් මම අයින් වුණා. මොකද ඊට වඩා මගේ කළඑළි දැක්ම මට ලොකුයි."

ඉතිං මේනකා, ඇයගේ මේ දිනවල තොරතුරු ඒ අයුරින් පවසා සිටි අතරමඇයට කලා ක්‍ෂේත‍්‍රයේ අයගෙන් චරිත දෙන්නම් කියා අමුතු යෝජනා ඇයටත් ආවා දැයි විමසු අවස්තාවක දි ඇය පවසා සිටියේ,




"මම හැම තිස්සෙම හොඳ නිර්මාණවලට දායක වී හොඳ දෙයක් කරන කෙනෙක්. කවුරුවත් බලෙන් බලපෑම්, අයුතු යෝජනා එල්ල කරන්නේ නෑ..... අපේ දක්‍ෂතාව කාටවත් යට කරගන්න බෑ... සමහරවිට අමුතු යෝජනා අපි ප‍්‍රතික්‍ෂේප කළාම, අපේ දක්‍ෂතාව, ටැලන්ට් එක වැඩි හින්දා ඔවුන්ට අපට ඒ චරිතය දෙන්න වෙනවා. මොකද මේක දක්‍ෂතාව මත යන ගමනක්. ඒකට තමන්ගේ චරිතය විනාශ කරගෙන යන්න  ඕනේ නෑ.....

අපි දක්‍ෂ නම්, ඔවුන්ට නිර්මාණවලට අප අවශ්‍යයයි. අනෙක් නිළියන්ගේ පෞද්ගලික ජීවිතවලට මා ඇඟිල්ල දික් කරන්නේ නෑ...... මොකද අපට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ..... මම එහෙම කාටවත් දොස් කියන, අනුන්ට වළ කපන රංගන ශිල්පිනියක් නොවෙයි. හැමෝම සමඟ සුහදව ඉන්න කෙනෙක්.






මම දැන් මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු තුනහමාරක් වෙනවා. ඉතාම දුකෙන්, මහන්සියෙන් තමයි මේ ගමන ආවේ. මට ප‍්‍රවීණ අය යටතේ තමයි මුල ඉඳලම වැඩ කරන්න ලැබුණේ. මුල දී මට ප‍්‍රශ්න ආවෙත් නෑ..... අදටත් මට ප‍්‍රශ්න නෑ..... අයුතු යෝජනා, ලිංගික බලපෑම් මට එල්ල වුණේ නෑ... මම ලස්සනට, මගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. 





මගේ 'ෆෝන්' එක 'ආන්සර්' කරන්නේ අම්මා. හොඳ වැඩකට කතා කරනවා නම්, අම්මා ඒ ගැන දන්වනවා. එවිට තමයි මට ෆෝන් එක දෙන්නේ. අනවශ්‍ය එකක් නම් අම්මා 'කට්' කරනවා.

මොකද අම්මාට හොඳ අවබෝධයක් තිබෙනවා කතාබහ කිරීමේ දී ඔහු මොනවාගේ දෙයකටද එන්නේ කියලා. ඒ අතින් මට එවැනි බලපෑම් එල්ල වෙනවා අඩුයි. හදිසියේ මට එවැනි යෝජනා එන අවස්ථාත් තිබෙනවා. එය දිගට යනවා නම් හිමින්ම මම 'කට්' කරලා දානවා.

ක්‍ෂේත‍්‍රයේ අයගෙන් එවැනි ආදර යෝජනා නම් ඇවිත් නෑ. මොකද නළුවන් මගේ සහෝදරයෝ වගේ ආශ‍්‍රය කරන්නේ. මම හැමෝටම උදව් කරන කෙනෙක්. පිටින් නම් ආදර යෝජනා එනවා. ඒ අයට මම ඇත්ත තත්ත්වය පහදලා දෙනවා. එතකොට ප‍්‍රශ්නයක් නෑ. ඔවුන් යාළුවෝ වගේ අදටත් ඉන්නවා. 



හිතට ගැළපෙන පේ‍්‍රමවත්තයෙක් නෑ..... මගේ හිතට ගැළපෙන කෙනෙක් තවම මට හමුවුණේ නෑ..... ආදරය වගේ දෙයක් හොඳට හිතලා බලල කළ යුතුයි. මගේ ගෙදරට ඇවිත් විවාහ යෝජනා ඉදිරිපත් කරන අයත් ඉන්නවා.

මගේ මවුපියන් මා ගන්න තීරණයට තමයි මුල්තැන දී තිබෙන්නේ. අනික තව මට ඉස්සරහට ගොඩක් වැඩ කරන්න තිබෙනවා. නමුත් ආදරය ඒකට බාධාවක් නොවන බව මා දන්නවා. හොඳ කෙනෙක් කවදාහරි ලැබේවි. මගේ ඉරණම්කාරයා කොහෙන් හරි එයිනේ. එනකම් බලාගෙන ඉන්නවා." 








-.lankaegossipnews.com-





No comments:

LATEST MOVIES

Total Pageviews

Blog Archive

Search This Blog

Song

GOSSIPWO.BLOGSPOT.COM

american9.blogspot.com

Contact Us

Name

Email *

Message *

Followers

Powered By Blogger

lagna

CV

Translate

tharaabe123@gmail.com. Powered by Blogger.